Colombo Today Local News

පොඩි ළමයි බඩුමුට්ටු පොඩි පට්ටම් කරගත්තාට කලබල නොවිය යුතු නෑ. | විමල්ගෙන් සාගර කාරියවසම් ට ප්‍රතිචාර

පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ඔහු අද(9) ප්‍රතිචාර දැක්වී ය.

අමාත්‍යවරයා පසුගිය දා පුවත් පතකට කළ ප්‍රකාශයක දක්වුණේ, ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත් එතුමාට පොදුජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවත් ය.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වූහ.

ඔවුන් පැවසුවේ, එකි ප්‍රකාශයට අදාළව විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාවගත යුතුව ඇති බවයි.

මහ ලේකම්වරයා අවධාරණය කර සිටියේ, විමල් වීරවංශ අමාත්‍යවරයාට එවැනි ප්‍රකාශයක් කිරීමට හෝ එවැනි තීන්දු තීරණ ගැනීමට කිසිදු අයිතියක් නොමැති බවත් එම පහත් ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවත් ය.

අද දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මීගමුවේදී පැවසුවේ, මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වූ කිහිප දෙනාගෙන් එක් අයෙකු වීම වරදක් නම් සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීම යථාර්ථයක් කිරීමට පුරෝගාමීව දායක වීම වරදක් නම් තමා ජාතියෙන් සමාව ගත යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ, ඉහළ තනතුරක සිටිය යුතුයි යන්න ඉදිරිපත් කිරීම තුළින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යරවයා නායකත්ව තනතුරේ නොසිටිිය යුතු යැයි අදහස් නොවන බවයි.

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙකු අමාත්‍යවරයාට එල්ල කළ මෙම වාග් ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේ දැයි, මාධ්‍යවේදීහු විමසා සිටිය.

අමාත්‍යවරයා ඊට පිළිතුරු ලෙස පැවසුවේ, පොඩි ළමයි බඩුමුට්ටු පොඩි පට්ටම් කරගත්තාට එතරම් කලබල නොවිය යුතු බවයි.

Related posts

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයේ අනාගතය ජනපති අතට

colombotoday

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

අන්ඳ ව්‍යාපාරිකයෙකුගේ නිවස බලෙන් අත්පත් කරගැනීමට පැමිණි ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් අත්අඩංගුවට නොගැනීම: බස්නාහිර DIGට නොතීසි

colombotoday

බෞද්ධ දර්ශනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් කිරීමට රජය සැරසේ.. සිසුන්ගේ විරෝධය

colombotoday

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

colombotoday