Colombo Today Local NewsTop Stories

Video: ඥානසාර හිමියෝ විජිතපුර සටනට යති. නිතිය ක්‍රියාත්මක නැත්නම් අපි නීතිය අතට අරගෙන හරි මේවා ආරක්ෂා කල යුතුයි.

https://youtu.be/oAFtZlkISrE

නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඩෝසර් කර විනාශ කරන ලද විජිතපුර, බැලුම්ගල ඓතිහාසික පුරාවිද්‍යා භූමියට සිදුවී ඇති විනාශ සොයා බැලීම සඳහා බොදු බල සේනා මහ ලේකම්, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (7) දින එම ස්ථානයේ සංචාරයක නිරත විය.

එම අවස්ථාවේදී මාධ්‍ය ඇමතු ඥානසාර හිමි සඳහන් කර සිටියේ,

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බැලුම්ගල පුරාවිද්‍යා ස්ථානයේ, ඉතාම හදිස්සියේ සිදුකර ඇති විනාශය පිලිබදව රටට කරුණු කීම පිලිබදව මාධ්‍ය ආයතනවලට ස්තුතිය පල කර සිටිනවා.  අපිට තිබෙන අතීත අද්දැකීම් අනුව සමහර විට හෙට දණ්ඩ නීති සංග්‍රහය උස්සගෙන රටේ පාලකයෝ සහ නිලධාරීන් අපේ පස්සේ පැමිණේවි… මොකටද මේ කැලේකට ගියේ කියලා. ඒක තමයි මේ රටේ නීතියේ හැටි. හොරකම නෙවෙයි අල්ලන්නේ හොරකම පෙන්වා දෙන මිනිස්සු.

කාගේ උවමනාවකටද මේ “හෙනගහන අපරාදය” කලේ?

මේ ස්ථානය ඉතිහාසයට බොහෝ නෑකම් කියන තැනක් බව බැලූ බැල්මට හොදින් පෙනෙනවා. එළාර දුටුගැමුණු යුද්ධය පිලිබදව පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා දන්නවා. විශේෂයෙන් මේ රජරට, රිටිගල දක්වා දිවෙන කලාපයේ විජිතපුරයට සම්බන්ද නෑකම් එක්ක මේ ස්ථානය මොන වගේ තැනක් බවට බාවිතා කලාද යන්න ජනප්‍රවාදයට අනුව දැනගන්නට ලැබෙනවා. පුරාවිද්‍යාවට අදාළ කරුණු පුරාවිද්‍යාඥ්ඥයන් විසින් තහවුරු කර ගනීවි. අපිට තිබෙන ගැටලුව නම් කඩිමුඩියේ මේ ස්ථානය එළිපෙහෙළි කරලා, එක පාරටම නිසි නිර්දේශවලින් තොරව… උදාහරණයක් වශයෙන් ගම්මානයක හදන්න උවමනානම්.. ඒ සඳහා අවශ්‍ය නිර්ණායක තිබෙනවා. පරිසරයේ තිබෙන ගහකොළ කපනවානම් ඒකට අවශ්‍ය අනුමැතිය තිබිය යුතුයි. ගල් ආදිය කඩා ඉවත්කරනවානම් ඒවාට අවශ්‍ය අවසරයන් තිබිය යුතුයි. ඒ මොකක්වත් නැතිව කාගේ උවමනාවකටද මේ “හෙනගහන අපරාදය” කලේ කියන එක අපි  අහන්න අවශ්‍යයි. ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරිය මේ රටේ කොටසක් නෙවෙයිද? ඒ අය වෙනම ආණ්ඩුවක්ද? ගම්මානයක් හදන්න අවශ්‍යනම් ඒක කරන විදිහක් තිබෙනවා. ඇමතිවරුන්ට රටේ තිබෙන ඉඩම් ගැන අවබෝදයක් නෑ… ඒ නිසා තමයි රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන්නේ.

නිධන් පිලිබදව ලොල් බවක් ඇති කවුරුන් හෝ මේ පිටුපස ඉන්නවා

මේ ඉඩම්වල නිසි බලධරයා තමයි ප්‍රාදේශීය ලේකම්. මෙවැනි තැනක් වෙන් කරලා දෙන්න කලින් ප්‍රාදේශීය ලේකම්ට වගකීමක් තිබෙනවා. අපට වැඩක් නෑ එතන ඉන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා.ඒ තනතුරේ වගකීම පැහැර හැර තිබෙනවා මේ වෙලාවේ. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනි නිවාස සංවර්ධන අධිකාරියේ ඉන්න නිධන් පිලිබදව ලොල් බවක් ඇති කවුරුන් හෝ මේ පිටුපස ඉන්නවා විය හැකියි. අපි ස්තුති වන්ත වෙන්න ඕනි දුකසේ ජිවත් වෙන මේ ප්‍රදේශයේ සිටින අහිංසක මිනිසුන්ට. අවුරුදු ගණනාවක්  ඔවුන් මේක රැකගෙන ඇවිත් තිබෙනවා. ඒ වගේම මිට වසර 20 කට ඉහතදී මෙවැනිම සංවර්ධන ව්‍යාපෘතියකට මේ භුමිය නිදහස් කර ගැනීමට යාමේදී, පුරාවස්තු ඇතිබවට සනාථ වී ඇති බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙය රක්ෂිත භූමියක් බවට නම් කොට තිබෙනවා. එනිසා ඒ ව්‍යාපෘතිය වසර 20කට කලින් නතර කොට තිබෙනවා.

අවුරුද්දකට කලින් ජනාධිපතිටත් කිවුවා…

එහෙමනම් අපි මේ අවස්ථාවේදී අපි චෝදනා කල යුතුයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත්. මේක උතුරවත් නැගෙනහිරවත් නෙවෙයි. මේ වැව් බැදී රාජ්‍ය. අපිට නෑකම් කියන තැන. හදුනාගත්තනම්, අවමතරමින් හෝ මෙය පුරාවිද්‍යා භූමියක් බවට බෝර්ඩ් එකක්වත් ගහන්න බැරි නොහැකියාව කුමක්ද? මීට වසරකට ඉහතදී ජනාධිපතිවරයා මුණගැහිලා එවකට බුද්ධශාසන ඇමතිවරයාත් සමගින් පුරාවිද්‍යාවට අදාළ සියලු නිලධාරීන් ගෙන්වා… එකගකරවා ගත්තා, අවම තරමින් හදුනා ගත් ස්ථානවල බෝර්ඩ් ලෑල්ලක්වත් එල්ලන්න කියලා. ඒවා හුදු කතා සාකච්චා පමණයි.

පවුකාර තක්කඩින් මේ වනසන්නේ අපේ පරපුරේ උරුමය

ඒ නිසා අපි අතිශයින් කම්පාවට පත්වෙනවා මේ වනසන්නේ අපේ පරපුරේ උරුමය. මේ සඳකඩ පහනක, ගල්කනුවක තිබෙන වටිනාකම සැගවුන යටගියාව කොතෙක්දැයි අපිට කියා නිමකළ නොහැකියි. එනිසා මේ පවුකාර තක්කඩින්ට අපි කියනවා උබලා මේ වනසන්නේ අපේ පරපුරේ  උරුමය බව. මේ පුරාවස්තු සිංහලයන්ට පමණක් නොවෙයි. මේ රටේ උපදින හැම එකාලටම අයිතියි. ඒ බව අන්‍ය ජාතිකයන්ද දැනගත යුතුයි.

මහ දහවල් ජාතිය සතු වත්කම් කොල්ලකෑමක්

මේ සංවර්ධනයට මුවා වෙලා නිධන් පැහැර ගනිමින් සිද්ධකරන, මේ ජාතික මංකොල්ලය නතර කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වියයුතුයි. මේ කරලා තිබෙන විනාශයට තීන්දු ගත්තවුන්ගේ වැඩ තහනම් කර විනාශ කර ඇති දේවල් තිබූ තැන්වල පිහිටුවා වහා පුරාවිද්‍යා රක්ෂිතයක් බවට නම් කර අනාගත පරපුරට බාරදිය යුතුයි. අපි දැක්කා ලංකාවේ කොහෙවත් නොදැක්ක පහන් ගලක්. එය අපේ දරුවන් දැක ගත යුතුයි. චෛත්‍ය විනාශ කර නිධන් හාරලා. දකුණු පසට ගියහම විශාල ගබඩාවක් විනාශ කරලා. මෙතන පාරක් හදන්න ගියානම් මේක අමුතුමු සැලැස්මකට වැඩකරලා තිබෙන්නේ. පාර අටපට්ටම් කරලා. ඒ වගේම ගල උඩත් ගිහිලා බොරත් දාලා. මේක හරි අමුතු එකක්. පැහැදිලිවම මහ දහවල් ජාතිය සතු වත්කම් කොල්ලකෑමක් මේ කරලා තිබෙන්නේ. බලධාරයන්ද ඇවිල්ලා මේවා බලන්න ඕනි. කොතනකවත් හමු නොවුණු ඉතිහාසක් මෙතන තිබෙන්නේ. බලුම්ගලටත් බෝර දාල විනාශ කරන්න සැලසුම් කරලා.

නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි නීතිය අතට අරගෙන හරි මේවා ආරක්ෂා කල යුතුයි.

මේ ගම්වැසියන්ට අපි කියනවා මේ… පාදඩ දේශපාලන බලවේගවලට  බය වෙන්න එපා. ඕනෑම දෙයක් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඔය ඇත්තෝ මේක මෙතෙක් ආරක්ෂා කළා වගේ ඉදිරියටත් ඇහැ ගහගෙන ඉන්න. නිධන් හොරු එනවනම් ඒකට මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කරුණාකරලා අපි නීතිය අතට අරගෙන හරි මේවා ආරක්ෂා කල යුතුයි.

ප්‍රාදේශීය ලේකම්වරිය මෙතන බරපතල වරදක් කරලා තිබෙනවා. ඇය තනතුරේ වගකීම පැහැර හැර තිබෙනවා. මේ ඉතිහාසය නොදන්නා මිනිසු එක්ක අපි කොහෙද යන්නේ. මේ උන්ගේ අම්මගේ අප්පාගේ භුදල් නෙවෙයි. මේ සිද්ධියට අදාළ නියෝග දුන් ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, අහිංසක ගම්මුන්ට තර්ජනය කල නිලධාරීන්, නිධන් සොරුන් ඇතුළු මීට අනුබල දෙන්නන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා.

අපි ඉල්ලා සිටිනවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු බලධාරීන්ගෙන් කරුණාකර පුරාවිද්‍යා ස්ථාන වැනසීම පිලිබදව පුරාවිද්‍යා ආඥ්ඥා පනත ක්‍රියාත්මක කර වහාම මේ අයව නීතියේ රැහැනට කොටු කර ඔවුන්ට අදාල නිතිය ක්‍රියාත්මක කරන්න කියලා. මලකඩ කන්න ඔය අණ පනත් තිබිලා වැඩක් නෑ…

එරන්ද කේ නවරත්න.

Related posts

උපකාරක පංති යලි ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

අගමැති පත්වීම පිළිබඳව අදහස් පළකිරීම සුදුසු නෑ. නීතිපති කථානායකට පිළිතුරු දෙයි

colombotoday

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

යහපාලනයේ සාර්ථකත්වය දැක විදෙස් ආයෝජකයෝ සතුටින්.. පෝළිමේ එන්න ගනී !

colombotoday