Colombo Today Local News

රාජකාරි වේලාවේදී මත්පැන් පාටි දැමූ වයඹ පළාත් පරිවාස කොමසාරිස් ඇතුළු පිරිසට ස්ථාන මාරු

රාජකාරි වේලාවේදී නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කරමින් මත්පැන් සාදයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වයඹ පළාත් පරිවාස කොමසාරිස්වරයා ඇතුළු පිරිසකට විමර්ශන කටයුතු අවසන් වන තෙක් ස්ථාන මාරු ලබා දී ඇතැයි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යලය කියි.

ඒ අනුව වයඹ පළාත් පරිවාස කොමසාරිස්වරයා එම තනතුරෙන් ඉවත් කර කාර්ය නියමයක් නොමැතිව ⁣වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබෙන අතර මූලස්ථාන ජ්‍යෙෂ්ඨ පරිවාස පරීක්ෂකවරයා පරිවාස දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර එම විෂය බාර පළාත් අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත.

මෙම පිරිස මත්පැන් සාදය සඳහා රැගෙන ගිය බව කියන පරිවාස දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථය පැදවූ රියැදුරා ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මාරු කර යවා ඇත.

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ නියමයෙන් වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසම සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.

Related posts

ඉන්දු ශ්‍රී ලංකා අනාගත සම්බන්ධතා ගැන කතා කරන්න මහින්ද ඉන්දයාවට

colombotoday

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවීමට පියවර

colombotoday

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

colombotoday

සුජිත් මුතුකුමාරණ සන්ධානයෙන් නෙරපීම නීතීයට පටහැනි

colombotoday

නව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය – ගම්මන්පිල සහ රමේෂ් සම-කැබිනට් ප්‍රකාශක ධූරවලට

colombotoday