Colombo Today Local NewsTop Stories

වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකට

වත්තල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින් සිදු කරන ලද අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන තිලිණ අලහකෝන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඔහු කියා සිටින්නේ තම පවුලට අයත් පාරම්පරික ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු ඇතුළු ලියකියවිලි රැසක් සැකසීමට වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ත්‍යාගි අල්විස් සහ නිලධාරීන් රැසක් සම්බන්ධ වී ඇති බවයි.

එම ඉඩමට ඇතුළුවීම සඳහා පාරක් ලබාබැනීමට වසර ගණනක් තිස්සේ සටන් කරමින් සිටින අතර මෙම සිද්ධිය සිදුව තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එබැවින්, මෙවැනි දූෂිත දේශපාලකයින් තවදුරටත් වත්තල ප‍්‍රාදේශීය සභාවට පත් නොවිය යුතු බවට සඳහන් කරමින්, මේ සියලු දෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ඔහු විසින් ඊයේ (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබූ අතර, එම අවස්ථාවේ එහි පැමිණි මාධ්‍යවේදීන් ඉදිරියේ ඔහු තම අදහස් පළ කළේ මේ අයුරින්.

සටහන-මන්දාකිණි

Related posts

හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 300කට වැඩි මුදලක් ලැබුනේ කෙසේද? විධිමත් පරීක්ෂණයක් කරන්න. පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිර්දේශ

colombotoday

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday

මාර්ගයෙන් ඉවතට පැන්න ත්‍රීරෝද රථයේ සිටි මාස 9ක බිළිදෙක් මිය යයි

Admin

පෞද්ගලික ආරවුලකට පියා ගේ මෝටර් රථය පුතා හප්පයි

Admin

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday