Colombo Today Local NewsTop Stories

විජිතපුර නටඹුන් විනාශය – චෝදනාව නිවාස අධිකාරියට.. ප්‍රා දේශීය ලේකම් දැන් කියන කතාව මෙන්න

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයට අයත් බැලුම්ගල නම් පුරාවිද්‍යාත්මක ස්ථානය බැකෝ යන්ත්‍ර යොදා විනාශ කර දැමීම පිළිබදව වගකිවය යුතු රාජ්‍ය ආයතන හා නිලාධාරීන් එකිනෙකාට චෝදනා කරගන්න තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම භූමිය එළිපෙහෙලි කර ඇති අතර එහිදී ඉපැරණි පුරාවිද්‍යා නටඹුන්ද ඩෝසර් කර විනාශකර දමා ඇත.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජීදා බානු මහත්මිය පවසන්නේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ දැනුම් දීමකට අනුව අදාල පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි නොකරන්නැයි තමන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බවයි. අදාළ බූමිය නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරීමක් හෝ ලබාදීමක් සිදුකොට නොමැති බවද ඇය අවධාරණය කරයි.

එහෙත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය පවසන්නේ සංවර්ධන කාර්යයකදී තම ආයතනයට සම්බන්ධතාව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග නොව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය සමග බවයි.

ප්‍රා දේශීය ලේකම් කාර්යාලය විසින් තම ආයතනයට ලබාදෙන අනුමැතිය තුළ පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුවේද අනුමැතිය ලැබී ඇති බවට සය ආයතනය සලකන බවයි.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙතද මේ වන විට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවෙමින් පවතින අතර, ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා සදහන් කළේ නිධන් සෙවීම සදහා මෙම ස්ථානය විනාශ කරාදැයි සැකයක් මතුවන බවයි.

එවැනි ප්‍රබලයෙකුට හැර මෙවැනි පුරාවිද්‍යා භූමියකට බැස සෙල්ලම් දැමීමට වෙනත් කිසිදු අයෙකුට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර ඊයේ 06 ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද, සජිත් ප්‍රේමදාස මහතා විජිතපුර පුරාවිද්‍යා භූමිය විනාශ කර නිදන් සෙවීමේ නිරත වී ඇති බවට චෝදනා කළේය.

Related posts

උත්සව සමයේ පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

colombotoday

“අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා” – ජනපති

colombotoday

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

colombotoday

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට රජයේ අවධානය

colombotoday

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

Admin

ජනපති කොමිසම හමුවේ සාක්ෂි දුන් වෛද්‍යවරියකට තර්ජන

colombotoday