extremism & terrorism activitiesfeaturedWorld

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | දෙදෙනක් මරුට. 15ක් තුවාල ලබති.

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ඉස්ලාම් ත්‍රස්ත ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රියාව අගුළු දැමීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

වියානා අගනුවර පිහිටි යාච්ඤා මධ්‍යස්ථානයක් අසල පළමුව ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත. එහිදී ඔවුන් ස්වයංක්‍රිය තුවක්කු යොදා ගෙන ප්‍රහාර එල්ල කොට තිබෙන අතර එක් ත්‍රස්තවාදියෙකු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගෙන ඇති බවයි වියානා පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙම පිරිස වියානා අගනුවර ස්ථාන 06කදී ප්‍රහාර එල්ල කොට තිබෙන බව සඳහන්වන අතර ත්‍රස්තවාදීන් “අල්ලාහුවක්බර්” යනුවෙන් කෑගසමින් ප්‍රහාර එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මේ වන විට ප්‍රහාරයට පැමිණි සෙසු ත්‍රස්තවාදීන් සොයා වියානා පොලිසිය සහ විශේෂ බළකාය මෙහෙයුමක් දියත් කොට තිබෙන අතර ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Related posts

වසර 14කට පසු ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි

colombotoday

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

colombotoday

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin