Colombo Today Local News

කොට්ඨාස ක්‍රමය ඉතාමත් දෝෂ සහගතයි. වව්නියාව බලය අහිමිවීමෙන් පසු සුමන්තිරන් කියයි

කොට්ඨාස මැතිවරණ ක්‍රමය ඉතාමත් දෝෂ සහගත බවත් වව්නියාව නගර සභාවේ බලය දෙමළ විමුක්තිකාමී සන්ධානය නතුවීම මීට නිදසුනක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කරයි.

නව මැතිවරණ ක්‍රමයෙන් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂය වෙනුවට ඇතැම් පරාජිත දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සහයෙන් තවත් පරාජිත පක්ෂයක් බල‍ය පිහිටුවා ගැනීම අභාග්‍ය කරුණක් යැයිද හෙතෙම කීය.

දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කළ වව්නියාව නගර සභාවේ පාලන බලය දෙමළ ජාතික විමුක්ති සන්ධානය විසින් නතුකර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළකරමින් සුමන්තිරන් මේ අදහස් පළ කළේය.

අසුන් 21කින් සමන්විත වව්නියාව නගර සභාවේ බලය ආසන 8ක් හිමි කරගත් දෙමළ ජාතික සන්ධානයට පිහිටුවා ගැනීමට නොහැකි වුණා. ආසන තුනක් පමණක් හිමිකරගත් දෙමළ ජාතික විමුක්තිකාමී සන්ධානය ශ්‍රීලංකා නිදහස් පක්ෂය, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, ඊ.පි.ඩී.පී පක්ෂයේ සහාය ගෙන බලය පිහිටුවා ගත්තා. මෙය පිළිගත නොහැකි නුසුදුසු මැතිවරණ ක්‍රමයක් යැයි සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අවසර…

colombotoday

හදවත් ඇති මිනිසුන්ගේ මනුසත් ක්‍රියාන්විතය මල් ඵලගැන්වෙයි.. අපේක්ෂාවන් දල්වමින් පෙට් ස්කෑන් යන්ත්‍රය ජනතාවට පිදෙයි

colombotoday

ආගරපතන පෙදෙසකට සංචරණ සීමා පනවයි

colombotoday

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin

ගාලු මුවදොර මාරාන්තික උපවාසයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි රෝහලට

colombotoday

උතුරු දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday