Colombo Today Local News

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

ජනතා විමුක්ති පෙරමුණ ගෙනැවිත් ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඊයේ (28) දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අදහස් දැක්වීය…

“විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කලින් ජනතාවට පිලිතුරු බඳින්න කියලා අපි ජවිපෙට ප්‍රශ්න පහක් ඉදිරිපත් කළා. අද වන තුරු ඒවාට පිලිතුරු දීලා නෑ. ඒ වගේම මේ තනතුර අහෝසි කිරීමේ අවදානම පිළිබඳ අපි දිගින් දිගටම කිව්වා. ලිව්වා. ඒත් ඒවා මග හරිමින් කාගේ දෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්න විසි වන සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. ඒ නිසා මම අනුර කුමාර මන්ත්‍රිතුමාට අභියෝග කරනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම රටට හිතකර ද නැද්ද කියන කාරණය පිළිබඳ නැත්නම් ඊටත් වඩා සීමා වෙලා විසි වන සංශෝධනය ලෙස එතුමන් ගෙන ආ පනත් කෙටුම් පත හිතකරද අහිතකරද යන කරුණ සම්බන්දයෙන් මාත් සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා මා මිත්‍ර අනුර කුමාර මන්ත්‍රිතුමන්ට මම ආරාධනා කරනවා.

ඒ වගේම මේ කෙටුම්පත අඩුපාඩු පිරිලා. මම හඳුනා ගත් අඩුපාඩු 9ක් තිබෙනවා. හරියට පොඩි එකාගේ ලියුම වගේ. විවාදයක් පැවැත්වුණොත් එකින් එක පැහැදිලි කරන්න පුළුවන්. මේ සංශෝධනය කරන්න යන්නේ රටේ උත්තරීතර නීතිය මිස පොඩි එකාගේ ලිපිය නොවන බව අපි ජවිපෙට මතක් කරනවා.

දැන් ඉතින් මට අපහාස කරලා මග හරින්නේ නැතුව මේ අභියෝගය භාර ගන්න. ඔබතුමා ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රටම දැනුම්වත් කරන මසුරන් අවස්ථාවක් බවට මේ විවාදය පත් කර ගන්න කියා මම අනුර කුමාර මන්ත්‍රිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමා වෙනුවට මේක ඇත්තටම කෙටුම්පත් කළ කෙනාව වාදයට එවන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට මේ අපි කියන දේ තේරෙනවා මොකක්ද මේ අඩුපාඩුව කියන එක. විෂය දන්නා කෙනෙක් එක්ක පවත්වන විවාදය තමයි වඩාත් ගැලපෙන්නේ. ඒ නිසා අනුර කුමාර දිසානයාක මන්ත්‍රිතුමන් වෙනුවට මේක ඇත්තටම කෙටුම්පත් කරපු කෙනා නීතිඥයෙක් ද කියන ප්‍රශ්නයක් අපිට මතුවෙන නිසා අපි ආසයි කවුද මේ මුහුන කියන එකත් පොඩ්ඩක් දැක ගන්න. ඒ නිසා අපි වඩාත් කැමති අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමන් වෙනුවට මේක ඇත්තටම කෙටුම්පත් කරපු නීති විශාරද මැතිතුමන් හෝ මැතිණිය විවාදයට එනවානම්. මොකද අපට එතකොට වඩාත් පලදායී විවාදයක් කරලා රටේ ජනතාවට මේ පිළිබද දැනුම්වත් කරන්න පුලුවන්.

Related posts

දුමින්ද සිල්වා ව ජනාධිපති නිදහස් කළා. – අද එලියට එනවා. | බන්ධනාගාර ඇමති තහවුරු කරයි.

colombotoday

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 198ක් දක්වා ඉහළට

colombotoday

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

colombotoday

සජිත්ට රාමඤ්ඤ මහා නිකායෙන් ගෞරව නාමයක්

colombotoday

රටේ සියලූම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබාගන්නා බව සහතික කිරීම රාජ්‍ය නායකයා වශයෙන් මගේ යුතුකමයි

colombotoday