World

ට්‍රම්ප්ට Twitter – Facebook තහනමක්

ඉදිරි පැය 24 ක කාලයක් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය Facebook ගිණුම හරහා අදහස් පළ කිරීම අවහිර කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.

ඒ, ට්විටර් සමාගම ද පැය 12 ක කලයක් සඳහා ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ගත් තීරණයෙන් අනතුරුවයි.

ට්විටර් සමාගම කියා සිටියේ සිය ප්‍රතිපත්තියේ දැඩි ලෙස උල්ලංඝනය කිරීම හමුවේ ඔහු විසින් පළ කළ Twitter පණිවුඩ තුනක් ද ඉවත් කළ බවයි.

ඒ අනුව එම කාල සීමාව තුළ කිසිදු සටහනක් තැබීමට ජනාධිපතිවරයාට හැකියාව නොලැබෙනු ඇති.

Twitter සහ Facebook සමාගම් මෙම තීරණ ගනු ලැබුවේ, ජනපති ට්‍රම්ප් එක්සත් ජනපද කැපිටල් සමාගමට පහර දුන් ආධාරකරුවන්ට සහය පළ කරන ආකාරයේ පණිවුඩ පළ කිරීමෙන් අනතුරුවයි.

මේ අතර අද අමෙරිකානු ඉතිහාසයේ අඳුරු දවසක් බව අමෙරිකානු උප ජනපති මයික් පෙන්ස් පවසයි.

Related posts

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

නේපාලයත් ටික්ටෝක් තහනම් කරයි

Admin

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday