Colombo Today Local News

සීයා සහ 14 හැවිරිදි මුණුබුරා අවුරුදු 7ක දැරියකට කළ මහ අපරාධය

වයස අවුරුදු 07 ක් වූ දැරියකට බරපතළ ලිංගික අතවර සිදුකරන ලදැයි කියමින් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ 60 හැවිරිදි සීයා 14 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, 14 හැවිරිදි මුණුපුරා රුපියල් ලක්‍ෂ 02 ක ශරිර ඇප මත මුදාහරින ලෙසත් කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය නියම කළාය.

තවත් ළමුන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටි දැරිය නිවසට කැඳවාගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. දැරිය තම රහස් ප‍්‍රදේශයේ වේදනාවක් ඇති බව මවට ප‍්‍රකාශ කර ඇති අතර මව කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම සීයා සහ මුනුබුරා ඇයට ලිංගික අතවර සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව මව කළ පැමිණිල්ල අනුව පරීක්‍ෂණ පැවැත් වූ දකුණු කළුතර පොලිසියේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

දැරිය විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !

colombotoday

සජිත් අගමැති කරන්න මංගල වැඩට බහී

colombotoday

විජයග්‍රහණය සමරුමට සහභාගී වීමට නොහැකි වූ ෆොන්සේකාගේ වැදගත් වැඩේ

colombotoday

ජවිපෙ ‘ඇවන්ගාඩ්’ ඩැහැගැනීමට අරඅදින මාධ්‍ය මුදලාලිගේ හුරතලෙක්? – හරීන්ගෙන් ඉඟියක් (Video)

colombotoday

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

colombotoday

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

colombotoday