World

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර්(Twitter) ගිණුම ස්ථිරවම අතිහිටවූ බව ට්විටර් සමාගම නිවේදනය කර තිබේ.
ඒ, ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමේ හේතුව මත පදනම්වයි.

ජනපතිවරයා මෑත කාලීන ට්විටර්හී පළ කළ පණිවුඩ සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිය.

ජනාධිපතිවරයාගේ සන්නද්ධ ආධාරකරුවන්, කැපිටල් හිල් වැටලීමත් සමග මීට පෙර පැය 12 ක කාලයක් සඳහා ජනාධිපතිවරායාගේ ට්විටර් ගිණුම අත්හිටවිය.

එහිදී එම සමාගම ප්‍රකාශ කළේ, යළිත් වරක් ප්‍රචණ්ඩත්වය ඇවිළුවහොත්, ස්ථිරවම ගිණුම අත්හිටුවන බවයි.

ට්විටර් තහනම ඉවත් වීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කරමින් කැපිටල් හිල් ප්‍රහාරය හෙළා දැක්කේ ය.

කෙසේ වෙතත් එහිදී ඔහු සිය ආධාරකරුවන්, දේශප්‍රේමීන් ලෙස හැඳින්වීම මෙම තහනමට හේතු විය.

මේ අතර සෙනෙට් සභා ගොඩනැගිල්ලට එල්ල කර ප්‍රහාරය හෙළා දකිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග ලිපියක් ගෙන ඒමට එරට ප්‍රජාතන්ත්‍රවාදීහු සූදානම් වෙති.

ට්‍රම්ප් වහාම ඉල්ලා අස්නොවන්නේ නම් දෝෂාභියෝගය සමග ඉදිරියට යන බව සභා කතානායක නැන්සි පෙලෝසි ප්‍රකාශ කළේ ය.

මීට පෙර 2019 වසරේදී ද ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ය.

ඒ, බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ කොංග්‍රසයට බාධා කිරීම යන චෝදනා මතයි.

නමුත් 2020 පෙබරවාරි මාසයේදී සෙනෙට් සභාව මෙම චෝදනා දෙකෙන්ම ඔහු නිදොස් කොට නිදහස් කළේ ය.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ජනවාරි 20 වැනිදා සිය අනුප්‍රාප්තිකයා වන ජෝ බයිඩ්න්ගේ දිව්රුම්දීමේ උත්සවයට සහභාගී නොවන බවයි.

ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කිරමින් මේ බව සඳහන් කළේ ය.

තේරී පත් වූ ජනාධිපතිවරයා එම ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එය හොඳ දෙයක් බවයි.

ධවල මන්දිරයට ඩොනල්ඩ් ට්‍රම්ප් සුදුසු නැති බවත්, කෙසේ වෙතත් උප ජනාධිපති මයික් පෙන්ස් උත්සවයට සහභාගී වීම ගැන සතුටු වන බවත් ප්‍රකාශ කළේ ය.

Related posts

ඉන්දුනීසියාවේ ගුවන් යානයක් මගීන් සමගඅතුරුදන්

colombotoday

ISIS වැඩ වරද්දා ගනී – යුධ ගුවන් යානා 26ක් රැගත් ප්‍රංශ යුධ නැවකින් සිරියාවට සහ ඉරාකයට ප්‍රහාර

colombotoday

ඉම්රාන් ඛාන් දින 8ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

Admin

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

colombotoday

“බරපතල යුධමය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වේවි.” රුසියාව ෆින්ලන්තයටත් තර්ජනය කරයි

colombotoday

කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීයාවටම ඇඳිරි නීතිය පනවයි

colombotoday