Colombo Today Local News

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

ටී.එන්.එල්. රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශණ කුළුණින් විකාශණ කටයුතු අත්හිටුවා ඇත්තේ නීත්‍යානුකුළ නොවන ආකාරයකට එමගින් විකාශණ කටයුතු සිදු කිරීම නිසා බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC )පවසයි.

ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට (TNL) අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වටලා එම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බවත් එසේ සිදු කරනු ලැබුවේ අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියි.

පොල්ගහවෙලින් සිදු කරන ලද විකාශනයන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබා ගෙන නොතිබීම මෙයට මුලික හේතුව වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

එවැනි නිසි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991අංක 25 දරණ විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරණ පනත යටතේ දඬුයම් ලැබිය හැකි වරදක් වන බව ද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

මේ හේතුවෙන් TNL මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ මේ වන විට විකාශන කටයුතු ඇණහිට තිබේ.

ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, එම විකාශන මධ්‍යස්ථානයේ තිබු විකාශන උපකරණ පොලිස් බාරයට ගැනීමෙන් පසුවයි.

Related posts

බදු වැඩිවීම ස්ථීරයි.. විදුලියට, ජලයට අදාළ නොවෙයි.. පුද්ගලික සෞඛ්‍ය, විදුලි සංදේශ සේවාවලට අදාල වෙයි !

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday

පාසල් දරුවන්ට පෝෂණීය දිවා ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත

colombotoday

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

උපරිමයෙන් බලය බෙදනවා – දෙමළ සන්ධානයට සජිත්ගෙන් කොළ එළි !

colombotoday

මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !

colombotoday