පළමු අග්බෝ රජු විසින් ඉදිකළ කුරුඳුමලෙයි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පුරාවිද්‍යා අධිකාරිය දැරූ උත්සාහය උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් සහ ධීවර ඇමැති කේ. ශිවනේෂන් විසින් ව්‍යර්ථ කර ඇත.
ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක් සමග එම ස්ථානයට පැමිණි මේ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බවට පුරාවිද්‍යා නිලධාරීන්ට තර්ජනය කර තිබේ.
මේ ඓතිහාසික විහාරය ක්‍රි.ව. 100 ත් 103 ත් අතර සමයේ ඉදිකර ඇති අතර පළමුවන විජයබාහු රජු සමයේ මෙම විහාරය වැඩිදියුණු කළ බව මහාවංශයේ ද සඳහන් වේ.