Colombo Today Local News

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

අටවැනිදා පාර්ලමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමේ යෝජනා අතුළත් 20 වැනි සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන්නේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු බෙදුම්වාදී බලවේගවල උවමනාවට බව මහා සංඝරත්නය අවධාරණය කරති.

පසුගිය 3 වැනිදා පැවති ජාතික නියෝජිත මහ සග සමුළුවේදී මේ බව අවධාරණය කෙරිණි.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් එහිදී සදහන් කළේ 20 වැනි සංශෝධනය නමැති බෝම්බය ගෙන එන්නේ ජවිපෙ උවත් එය පත්තු කරන්නේ දෙමළ සන්ධානය බවයි.

ජනතා විමුක්ති පෙරමුණ බෙදුම්වාදී බලවේගවල සොර අඹුවගේ කාර්යභාරය ඉටු කරමින් සිටින බවත්, දැන් සිදුවන්නේ බලු මැක්කාගේ උවමනාවට බලු නැට්ට වැනවීමේ ක්‍රියාවලියක් බවද සග සමුළුව අමතමින් මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කර සිටියේය.

Related posts

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහෝසි වී නැතියි ප්‍රචාරය වන ලිපිය බොරුවක්…. ලිපියේ දිනයත් ඇමරිකාවේ නිවාඩු දිනයක් !

colombotoday

ලන්ඩන් කොටි නිදහස් උත්සවයට කඩා පනිති.. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටලා යකා නටති..

colombotoday

එන්.එස්.බී. බැංකුවෙන් ලබාගෙන ඇති ණය වල පොලිය වැඩි කරයි

Admin

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday

හිරුණිකා ඇතුළු පිරිස ඇප මත මුදා හරී

Admin