Colombo Today Local News

ජාතික ගුවන්විදුලියේ දෙමළ සේවය ISIS ප්‍රචාරක මධ්‍යස්ථානයක්…. පාලනාධිකාරියට ලොකු ලොකු ගෙවීම්…

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ ස්වදේශීය සේවය තවුහිත් ජමාත් අන්තවාදී දේශන ප්‍රචාරය කිරීම සඳහා යොදාගත් බවට සේවකයන් චෝදනා කරයි.

සෘජුවම මේ කටයුත්ත සඳහා පාලනාධිකාරී ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා දායකත්වය ලබා දුන් බව ඔවුන් පවසයි. මේවට විරුද්ධව කතා කළ වැඩ සටහන් නිෂ්පාදකවරුන්ගේ වැඩ අවම කර ඇති අතර නිවේදක නිවේදිකාවන්ට වැඩසටහන් නොදී පැත්තකට දමා ඇති බව ද වාර්තා වුණා.

ගුවන්විදුලියේ සේවකයන් පවසන්නේ සවස 6.00 ට විකාශය වන ප්‍රවෘත්ති ප්‍රකාශය ජනාධිපති තුමාගේ කතාව හැරෙන්න වෙන කිසිදු හේතුවක් නිසා වෙනස් නොකරන බවයි. එහෙත් මෙම නාලිකාවේ සවස 6.00 ප්‍රවෘත්ති සවස 5.00 ට යොදා ඇත්තේ 6 කණිසමට ආගම ප්‍රචාරය කිරීම සඳහා ය. ගුවන් විදුලි සංස්ථාවේ සියලු නාලිකා සවස 4.00 සිට 5.00 දක්වා අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය කිරීම සිරිතකි. එහෙත් මෙම නාලිකාව එම කාලය තුළද අන්තවාදී තවුහිද් ජමාද් දේශන ප්‍රචාරය කරන බවට සේවකයන් චෝදනා කරයි.

මේ වන විට දෙමළ,බෞද්ධ, කතෝලික ආදී ආගම් වල සියලු වැඩසටහන් එම නාලිකාවෙන් ඉවත් කර ඇති බවද සඳහන් වෙයි. දෙමළ ස්වදේශීය සේවය දැන් ඔවුන් හඳුන්වන්නේ මුස්ලිම් සේවය නමිනි. එවැනි සේවයක් ගුවන් විදුලියේ නොමැති බව සේවකයන් තරයේ පවසයි. අන්තවාදී වැඩසටහන් ප්‍රචාරය කරන්න එපා යැයි සේවකයන් පාලන අධිකාරි වරයාගෙන් ඉල්ලූ විට ඔහු පවසා ඇත්තේ “ඒ අය වැඩියෙන් සල්ලි දෙනවා ඕගොල්ලෝ ඒ ඒ අයට වැඩියෙන් සල්ලි හොයාගෙන ආවොත් ඔය ගොල්ලන්ට අවශ්‍ය වැඩසටහන් දෙන්නං” යනුවෙනි.

මින් පැහැදිලි වන්නේ පාලන අධිකාරි වරයා අන්තවාදීන්ගේ විශාල මුදල්වලට යටවී ඔහු ඒ වායෙන් කොමිස් ලබා ගන්නා බවට සේවකයන් චෝදනා කරනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි

Related posts

තෙවරප්පෙරුම මහ රෑ මාරාන්තික උපවාසයක

colombotoday

“මගෙන් නාහා කැලෑ – පස් කැපුවොත් බලාගෙනයි“ ජනපති ග්‍රාමසේවක බලතල කරට ගනී !

colombotoday

සුදුවෑන් නඩුවේ විමර්ශන අවසන් අධියරට

colombotoday

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කංචන?

Admin

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin