Colombo Today Local NewsPoliticsTop Stories

අනුරට සුමන්තිරන්ගෙන් විරෝධයක්!

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමා සතු විධායක බලතල හරහා සිදු කරන බවට ඉඟි කරන බලපෑම් පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් සිය විරෝධය පළකර තිබේ.

ජාතික ජන බලයට බලය හිමිව ඇති පළාත් පාලන ආයතනවල මහජන වරම පැහැරගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළ කොට තිබේ.

ඔහු කියා සිටින්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය සහ ඔහු සතු විධායක බලතල පෙන්වාදෙමින් තර්ජන එල්ල කරන බවයි.

“පාර්ලිමේන්තුවේ තමන්ට 2/3ක් තියෙනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තර්ජනය කරනවා. ඔහු තමන් සතු විධායක බලය ගැන ද සඳහන් කරනවා. එය බලය දූෂිතව භාවිත කිරීමක්” සුමන්තිරන් පවසයි.

යාපනයේ බහුතර බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ගණනය කිරීම් පිළිබඳව ද සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියි.

සටහන – මන්දාකිණි

Related posts

ඥානසාර තේරෝ හරිටම හරි. මම අගය කරනවා එයාව. කොන්ට්‍රෝල් කරන්න ඕන මුස්ලිම් පොලිටිසියන් එක. කරුණා අම්මාන් කියයි

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

අගමැති කොතරම් පාරම්බෑවත් “ඉට්කා” අත්සන් කරන්න ඉඩ දෙන්නෑ – ලාල් කාන්ත

colombotoday

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday

ජගත් කුමාර ගත් අදහාගත නොහැකි තීරණය

Admin

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin