Colombo Today Local News

ඊළමට ආවඩා ලංකාවට එනු බෑ ! ඊළාම් ගැති රැජිණි කාන්ත්ගේ වීසා අයැදුමට ලංකා රජයෙන් පාපහරක් !

ඊළාම්වාදියකු වූ තමිල්නාඩු නළු රැජිනි කාන්ත්ට යාපනයට පැමිණීම සඳහා වීසා ලබා නොදීමට නව රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගි වූ හිටපු උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් විසින් රැජිනි කාන්ත්ට ශී‍්‍ර ලංකාවට පැමිණ උතුරේ ඊළාම්වාදීන් හමුවන ලෙස පසුගියදා ආරාධනා කළේය.

රැජින් කාන්ත් මේ ඇරයුම පිළිගෙන තිබේ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පරාජයට පත් වීම පිළිබඳ දකුණු ඉන්දීය නළු නිළියන් විරෝධතා සංවිධානය කළ අතර රැජිනි කාන්ත්, ජෝශෆ් විජේ, ධනුෂ්, කමල් හසන් ආදි ප්‍රමුඛ දකුණු ඉන්දීය නළු නිළියන් මෙම විරෝධතා සඳහා එක්විය.

රැජිනි කාන්ත් මින්පෙර ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව ඉන්දීය හමුදාව යැවිය යුතු බව පවසා තිබිණි.

රැජිනි කාන්ත්ව මෙරටට ගෙන්වන්නේ දේශපාලන කටයුතු සඳහා බැවින් එවැනි කි‍්‍රයාදාමයකට වීසා බලපත‍්‍ර ලබා නොදෙන බවත් රජයේ ආරංචි මාර්ග සඳහා කරයි.

රැජිනි කාන්ත් උතුරට පැමිණෙන බවට තොරතුරු ප‍්‍රචාරය වීමත් සමගම උතුරේ දේශපාලකයන් විසින් ඔහු හරසරින් පිළිගැනීමේ සැලසුමක් දියත් කර තිබෙන බවත් වාර්තා වේ.

ෂ්‍යාම් ඩොන්

Related posts

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

Admin

කොරෝනා යැයි සැක 212ක් රටපුරා රෝහල්වල… අලුත්ම වාර්තාව මෙන්න !

colombotoday

අත්අඩංගුවට පත් නීතිඥ්ඥ හිජාස් හිස්බුල්ලා ඥානසාර හිමිට විරුද්ධව තොග පිටින් නඩු දැමූවෙක්.

colombotoday

සජිත්ට පක්ෂය කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාසගේ මව හේමා ප්‍රේමදාසගෙන් සහතිකයක්

colombotoday