ArticlesWorld

ලුසියානා හි ප්‍රසිද්ධ හොල්මන් නිවසේ කථාව !

ඇමෙරිකාවේ නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනයේ පර්යේෂණ කණ්ඩායමකට ලුයිසියානා ප්‍රාන්තයේ අත්හැර දැමුණු දැවැන්ත නිවසක් පිළිබඳව අසන්නට ලැබුණේ 1995 වසරේදීය. නැෂනල් ජියෝග්‍රැෆික් පර්යේෂණ කණ්ඩායමට මෙම සුවිසල් නිවස ගැන කැමැත්තක් ඇතිවන්නට ප්‍රධාන හේතුව වූයේ එහි පිහිටීමයි. ඔවුන්ට වුවමනා වූයේ එම නිවස යොදාගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමය. එනිසා නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනයෙන් අවසර ලබා ගැනීම සඳහා නිවසේ ඡායාරූප කීපයක් ලබා ගත යුතු වූයෙන් මෙම කණ්ඩායමේ ඡායාරූප ශිල්පියා එම නිවසට පැමිණ නිවසේ අවට පෙනුම සිය කැමරා කාචයේ සටහන් කරගන්නා ලදී.
නිවසේ ඡායාරූප කීපයක් ලබාගත් කැමරා ශිල්පියා එම ස්ථානයේ සිටිමින්ම එම ඡායාරූප සිය ලැප්ටොප් පරිගණකයට දමා ගත්තේ එම අවස්ථාවේදීම ඒවා නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනයට විද්‍යුත් තැපෑලෙන් යැවීම සඳහාය. විනාඩි කීපයක් ගතවූ පසු ඡායාරූප 12ක් ඔහු විසින් සිය ආයතනය වෙත යවා තිබිණි. තවත් විනාඩි කීපයකට පසු ඔහුට නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනයෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එහා අන්තයෙන් කතාකළ මිතුරා පැවසුවේ මිනිස් රූ හසුනොවන ලෙස නැවත වරක් නිවසේ ඉදිරි පෙනුම ඡායාරූප ගතකර ඉක්මනින්ම එවන ලෙසය. එවිට කැමරා ශිල්පියාගේ පිළිතුර වූයේ තමන් කිසිදු මිනිස් රුවක් හසු නොවන ලෙස ඡායාරූප ගත කළ බවත්, එහි කිසිදු පුද්ගලයෙකු වාසය නොකරන බවත්ය. ඉන්පසු මිතුරාගේ උපදෙස් මත කැමරා ශිල්පියා ඔහු විසින් ලබාගත් ඡායාරූප අතරවූ නිවසේ ඉදිරි පෙනුම ඇති ඡායාරූපය පරීක්ෂා කළේය.

ඔහුට දැකගන්නට ලැබුණේ එහි එක් ස්ථානයක බිත්තියකට හේත්තුවූ මිනිස් රුවක් සටහන්ව ඇති ආකාරයයි. එබැවින් ඔහු නැවත වරක් එම ස්ථානයේ ඡායාරූපයක් ලබාගන්නා ලදී. පුදුමයකට මෙන් දෙවැනි ඡායාරූපයේද එම ස්ථානයේ බිත්තියට හේත්තුවූ මිනිස් රුව දකින්නට ලැබිණි.
මෙම සිදුවීමෙන් සති දෙකකට පසු නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනයේ තවත් මිතුරන් කීපදෙනෙකු සමග මෙම කැමරා ශිල්පියා අදාළ නිවස අයත් රක්ෂණ සමාගම වෙත ගියේ මෙම අද්භූත පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයාගන්නා අටියෙනි. එහිදී ඔවුන්ට අසන්නට ලැබුණේ අපූරු කතා පුවතකි.

1990 වසරේ මෙම නිවසේ පදිංචිව සිට ඇත්තේ ක්ලාක් වුඩ්‍රෆ් නම් වැවිලිකරුවාත් ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාත් පමණි. ඉන් මාසයකට පමණ පසු නිවසේ වැඩපළ කරගැනීම සඳහා ක්ලෝවි නම් මෙහෙකාර දැරියක් නිවසට ගෙන්වා ගනු ලැබිණි. ඇය වයස අවුරුදු 16ක දැරියක වුවද ඇයට කරන්නට පැවරුණු වැඩ ප්‍රමාණය දැරිය නොහැකි තරම් විය. ඒවා නිසිලෙස ඉටුකරන්නට නොහැකි වීම නිසා වුඩ්‍රෆ් පවුලේ උදවිය ක්ලෝවිට සැලකුවේ ඉතා කෘර අන්දමිනි. 1993 වසරේ එක්දිනක ක්ලාක් වුඩ්‍රෆ් තම වයින් බෝතලය ගෙනෙන ලෙස ක්ලෝවිට පැවසුව ද ක්ලෝවිට එය ඇසී නොතිබිණි. එයට දඬුවම ලෙස වුඩ්‍රෆ් විසින් ඇගේ කන් පෙත්ත කපා දමන ලදී. මින් ඉතාම දරුණු වූ ක්ලෝවි විස යෙදූ කේක් ගෙඩියක් පුළුස්සා වුඩ්‍රෆ් පවුලේ මව සහ දරු දෙදෙනාට කන්නට දුන්නාය. ඒවා ආහාරයට ගෙන විනාඩි කීපයක් ගතවූ පසු ඔවුන් තිදෙනාම සිහිවිසඥව පසුව මිය යන ලදී. එදින සවස ක්ලාක් වුඩ්‍රෆ් නිවසට පැමිණි පසු කුමනාකාර දෙයක් සිදුවේද යන්න පිළිබඳව බියවූ ක්ලෝවි වත්තේ පැත්තකට වන්නට තිබූ ගසක ගෙල වැළලා ගෙන මිය ගියාය. මෙම සිදුවීම්වලින්කම්පනයට පත්වූ ක්ලාක් වූඩ්‍රෆ් සිය පිස්තෝලයෙන් තමාටම වෙඩි තබාගෙන මියගියේ එදිනම සවස් වරුවේය.

නැෂනල් ජියෝග්‍රැෆික් කැමරා ශිල්පියා විසින් නිවසේ ඉදිරිපස ලබාගත් ඡායාරූපයේ බිත්තියට හේත්තු වූ පුද්ගලයෙකුගේ රුව පෙනෙන ස්ථානය ක්ලෝවි ගෙල වැළලා ගත් ස්ථානය බව රක්ෂණ සමාගමේ හිමිකරු ඔවුන්ට පැවැසුවේය. එපමණක්ද නොව මෙම සිදුවීම් පෙළ මුළු ලුයිසියානා ප්‍රාන්තයට ප්‍රසිද්ධවූ බවත් ඉන් අනතුරුව මෙම නිවස මිලදී ගැනීමට කිසිවෙකුත් කැමැත්තක් නොදැක්වූ බවත් ඔවුන්ට දැනගන්නට ලැබුණි. නමුත් මෙම පර්යේෂණ කණ්ඩායම තමන්ගේ කාර්යය සඳහා ඉතාම සුදුසුවූ මෙම නිවස වසර පහක කුලී පදනම යටතේ ලබාගෙන ඔවුන්ට අවශ්‍ය ලෙස වෙනස්කම් සිදුකර රූගතකිරීම් සඳහා යොදාගනු ලැබිණි. නමුත් ඊට පෙර ඉතා අවාසනාවන්ත ලෙස මෙම නිවස තුළ මියගිය පස්දෙනා වෙනුවෙන් යාඥා මෙහෙයක් එතුළදීම පවත්වන්නට අමතක කර තිබුණේ නැත. ඉන් අනතුරුව නිවස තුළ හෝ ඉන් පිටත අද්භූත පුද්ගලයන් දකින්නට නොලැබුණු අතර අද වනවිට මෙම නිවස සංචාරකයන්ගේ ලැඟුම්හලක් බවට පත්වී තිබේ.

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි

ඩොන් ශ්‍යාම්

Related posts

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයි

Admin

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

colombotoday

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin

අනුමත නොකල ඖෂධ දී ඊජිප්තුවේ ළමුන් මිය යයි

Admin