Colombo Today Sports News

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට ?

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට පත්කිරීමට සුදානමක් තිබෙන බව espncricinfo වෙබ් අඩවිය වාර්තා කර ඇත. මෙම තනතුර අලුත් තනතුරක් වන අතර එවැනි තනතුරක් දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ නොමැත. ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ සහ ඉන්දියාවේ ක්‍රිකට් ව්‍යුහයන් තුළ වැඩ කරන ලද මූඩිගේ අත්දැකීම් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම අපේක්ෂා කෙරෙන බව අරවින්ද ද සිල්වා පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කරන ලද තාක්ෂණික උපදේශක කමිටුව අරවින්ද ද සිල්වා විසින් මෙහෙයවනු ලැබේ. එම කමිටුවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහනාමා, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර ද සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි සතිය තුළදී මෙම පත්වීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වේ.

Related posts

T20 ලෝක කුසලානයට යන නවකයන්ගෙන් පිරුණු ශ්‍රී ලංකා සංචිතය මෙන්න

colombotoday

ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

colombotoday

රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයි

Admin

ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය කළ ජැෆ්නා ස්ටැලියන්ස් LPL ශූරතාවය දිනා ගනී

colombotoday

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin