Colombo Today Local News

පාසල් අධ්‍යාපනයට නොමිලේ බෙදන්න නිකුත් කළ පොත් අලෙවියට තියලා

මීගමුව නගර සභාව මගින් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා නොමිලේ බෙදාදීමට නිකුත් කරන ලද පොත්පත් 298 ක් මීගමුව නගරයේ පොත් සාප්පුවක විකිණීමට තබා තිබියදී ඊයේ (21)දින සවස එම පොත් සාප්පුවේ හිමිකරු සමඟ මීගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මීගමුව නගර සභාවේ ලාංඡනය ඇතුළත් පොත් පත් මීගමුව නගරයේ සාප්පුවක අලෙවි කිරීමට තිබෙන බවට මීගමුව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ වන විට නාගරික මන්ත්‍රීවරයෙක් සහ නාගරික කොමසාරිස්වරිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

එම පොත්පත් තොගය අලෙවි කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

බැදුම්කර බෑණා “ස්වර්ණවාහිනිය“ සල්ලිවලට ගන්න යයි ! අලුත් පත්තරේ ලබන වසරේ මුල

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතන දීමනා කැපේ ?

colombotoday

රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට ලබන සතියේ විශේෂ චක්‍රලේඛයක්

colombotoday

සිසිල් කොතලාවල කටුනායකදී අත්අඩංගුවට… හදිසියේ ලෙඩ වී රෝහල්ගත කරයි

colombotoday

වස-විස නැති ගොවිතැන් කතාත් අහවර වල ලකුණු.. අධිවිෂ ග්ලයිෆොසෙට් තහනම ලිහිල් කරන්න යයි

colombotoday