Colombo Today Local News

සියලු හමුදා නිලධාරීන්ගේ දුරකථන අංක හා අන්තර්ජාල ගිණුම් තොරතුරු ඉල්ලා යුද හමුදා මූලස්‌ථානයෙන් නියෝගයක්‌

යුද හමුදාවේ රාජකාරි කරන දෙලක්‍ෂයකටත් අධික සියලුම නිලධාරීන් භාවිත කෙරෙන ජංගම දුරකථන අංක සහ facebook , වට්‌ස්‌ ඇප්, වයිබර් ආදී සියලු අන්තර්ජාල ගිණුම් පිළිබඳ තොරතුරු වහාම ලබා දෙන ලෙසට යුද හමුදා මූලස්‌ථානය නියෝගයක්‌ නිකුත් කර තිබේ.

සියලු හමුදා සාමාජිකයන් භාවිත කරන පෞද්ගලික ජංගම දුරකථන අංකවල තොරතුරුද ලබා දිය යුතු බවට යුද හමුදා මූලස්‌ථානය දැනුම් දී ඇති අතර ඉන් පසුව හමුදාවේ අනුදැනුමකින් තොරව වෙනත් ජංගම දුරකථන අංක භාවිත නොකළ යුතු බවටද දැනුම් දී ඇත.

දැනටමත් යුද හමුදා මූලස්‌ථානය මගින් අදාළ නියෝගය රට පුරා පිහිටි සියලුම හමුදා ඒකක වෙත යොමු කර අවසන් බව යුද හමුදා මූලස්‌ථානයේ නිලධාරියෙක්‌ පැවසීය.

අප මේ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගෙන් කළ විමසීමකදී හමුදා මූලස්‌ථානය මගින් එවන් නියෝගයක්‌ නිකුත් කර ඇති බව සනාථ කළේය.

හමුදා සාමාජිකයන් අතර අභ්‍යන්තර තොරතුරු හුවමාරු කරගැනීම වඩාත් පහසු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කිරීමට මෙම තීරණය ගත් බව ද බ්‍රිගේඩියර්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රීලනිපයෙන් ඉවත් කළ අයට ‘අපේ ශ්‍රීලනිපයෙන්‘ සංවිධායක තනතුරු

colombotoday

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday

සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව පල්ලේකැලේ ඇරඹීමට යෝජනා වෙයි

colombotoday

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

colombotoday

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්

Admin