Colombo Today Local News

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනතා අයිතියට.

ජපානයේ ජයිකා ආයතනයේ ජපන් යෙන් මිලියන 1240 ක ආධාර මත රත්මලාන කදවලවත්ත ප්‍රදේශයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඉදි කරන ලද නව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය (12) වැනිදා පස්වරුවේ විවෘත කරන ලදි. ඊට සමගාමීව ඖෂධ ගබඩා සංකීර්ණයක් ද විවෘත කරන ලදි.

මුළු මුදලින් යන්ත්‍රෝපකරණ සදහා වැය කළ මුදල ජපන් යෙන් මිලියන 910 කි. ජර්මනිය, ජපානය, දකුණු කොරියාව සහ චීනය යන රටවලින් යන්ත්‍ර සූත්‍ර ආනයනය කර ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාව වසරකට පෙති හෝ කරල් මිලියන 1922 කි. මෙම ව්‍යාපෘතිය මගින් එය මිලියන 3337 ක් දක්වා වැඩි වෙයි. එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සපයනු ලබයි.

මෙම උත්සවයේ දී ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු සිහිවටන දෙකක් ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා විසින් පිරිනමන ලදි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ජපානයේ ශ්‍රී ලංකා තානාපති Mr.Kitamura, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල සභාපතිවරු සහ කළමණාකාර අධ්‍යක්ෂවරුන්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකර අධ්‍යක්ෂ ටී. සුන්දරලිංගම්, සාමාන්‍යාධිකාරීනී සුජීවා ජයසුන්දර මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Related posts

කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

Admin

ගුවන් හමුදාවට පරණ රුසියන් යානා 6ක් ගන්න ඇමති බලු පොරයක් !

colombotoday

මෙවර ජනාධිපතිවරණය ඉතා තීරණාත්මකයි… අපේ ඉල්ලීම් දිනාගැනීමට සජිත් දිනවිය යුතුමයි !

colombotoday

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

colombotoday

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Admin

මෙවර අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව

Admin