Colombo Today Local NewsTop Stories

ශ්‍රීලනිප ඇමතිලා අද කැබිනට් හමුව වර්ජනය කරයි… ඊයේ රෑ මධ්‍යම කාරක සභාවේ ගත් තීන්දු මෙන්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 වැනිදා) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරුන් ඊයේ (9 වැනිදා) තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඊයේ (9 දා) පැවති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී එම ඇමැතිවරු මෙම තීරණයට එළැඹ ඇති අතර ශ්‍රීලනිපයේ වත්මන් තත්ත්වය පිළිබඳව නැවත මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ හෙට (11 වැනිදා) පැවැත්වීමට තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9 වැනිදා) ප.ව. 6.30 සිට රාත්‍රි 10.30 පසුවන තෙක්‌ මෙම මධ්‍යම කාරක සභා රැස්‌වීම කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම්වරු දෙදෙනා වෙනුවට අලුතින් ලේකම්වරු දෙදෙනෙක්‌ පත් කරන ලෙස ද ශ්‍රීලනිප මැති ඇමැතිවරු කිහිප දෙනෙක්‌ එම රැස්‌වීමේදී ජනාධිපතිවරයාට යෝජනා කළහ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී පක්‍ෂව ඡන්දය භාවිතා කළ ඇමැතිවරුන් පිළිබඳව සහ ඉදිරියේදී ආණ්‌ඩුව තුළ ශ්‍රීලනිප භූමිකාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

ආණ්‌ඩුවේ ඇමැති ධුර වලින් ඉවත් වීමට අවශ්‍ය බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබෙන අතර එස්‌. බී. දිසානායක මහතා එම යෝජනාව ස්‌ථිර කර තිබේ.

චන්දිම වීරක්‌කොඩි ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ද එම යෝජනාවට පක්‍ෂව අදහස්‌ දක්‌වා ඇත.

කෙසේ වෙතත් දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර ඇමැතිවරයාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ එම යෝජනාවට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කර ඇත.

Divaina

Related posts

“අප දරුවන් තැනිය යුත්තේ එක එකාට පෞද්ගලික ආතල් ගැනීම පිණිසද” – මහඇමතිගේ මගුල් සාරි නාඩගම ගැන සැර කතාවක්

colombotoday

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin

ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලට

Admin

පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශ කෙරේ

colombotoday

උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

Admin

හාල් කිලෝවක් රුපියල් 300කට යා හැකි

colombotoday