Colombo Today Local News

උතුරේ දරුවන්ට පෙන්වීමට ‘කොටි කෞතුකාගාරයක්‘ හැදීමට යෝජනා වෙයි

යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පරිහරණය කළ භාණ්ඩු ඒකරාශී කර උතුරේ දරුවන්ට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනාගාරයක් ඉදිකළ යුතු යැයි යෝජනාවක් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලංගම් මහතා ප්‍රකාශ කළේ මෙම ප්‍රදර්ශනාගාරය පිහිටුවීම සඳහා  වන යෝජනාව කඩිනමින් පළාත් සභාවට ඉදිරිපත් කරන බවයි.

දෙමළ ජනතාව වෙනුවෙන් ජීවිත පූජාකළ පිරිස පිළිබඳ මතකය ඉදිරි ජනතාවට දැන ගැනිම සඳහා මෙම පියවර ගන්නා බවද හෙතෙම පැවැසීය.

දැනට ශ්‍රී ලංකා හමුදාව බාරයේ පවත්නා එල්.ටී.ටී.ඊත සාමාජිකයන්ට සම්බන්ධ බඩු බාහිරිදිය මෙම ප්‍රදර්ශනාගාරයට ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සෛයා බලන බවත් යෝජනාව ලබන සතියේදී උතුරු පළාත් සභාවට ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඉරිදා ලංකාදිප ඇසුරෙනි

Related posts

මද්‍රසා පාසලක ගෙල වැලලාගෙන සිටි දරුවා එල්ලිලා මැරුණාද ? මරලා එල්ලුවාද ?

Admin

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ…

colombotoday

ඉතිහාසේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ මාලිමාණ්ඩුවයි

Admin

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

සාමාන්‍ය පෙළ ‍ප්‍රතිඵල වලින් මාධ්‍ය කරුවන් ‘මිනී මරනවා !’ – මහාචාර්ය සාලිය කුලරත්න

colombotoday

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin