Colombo Today Local News

ඉතිහාසේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ මාලිමාණ්ඩුවයි

විපක්ෂයේ දේශපාලනඥයන් පවසන ආකාරයේ අගහිඟයක් ජනතාවට නොමැති බවත් ඔවුන් ඉතාම සතුටින් තෛපොංගල් උත්සවය සැමරූ බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ පවසයි.

“ඉතාම හොඳින් කිරිබත උයාගෙන, තෛපොංගල් බත උයාගෙන ඒ දෙවියන් වෙනුවෙන් ගණ දෙවි පූජාව පවත්වන අයුරු උදේ පාන්දර පහාමාරෙ ඉඳලා තමයි මේ කෝවිලට මේ ජනතාව ගලාගෙන එන්නෙ. මේ අයට නම් එහෙම අගහිඟයක් කිසිම දෙයක් නෑ. ඒ නිසා සියලු දෙනාම කිරිබත උයාගෙන සතුටින් සමරනවා.

මං හිතන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ ලංකා ඉතිහාසයේ වැඩිම පොරොන්දු ප්‍රමාණයක් ඉෂ්ට කරපු ආණ්ඩුවක් තමයි, වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව. ඔබට මතක ඇති, අපේ රටට ඕනෙ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කළා.”

අමාත්‍ය බිමල් රත්නායකගේ බිරිඳ වන සමන්මලී ගුණසිංහ මේ බව පැවසුවේ ඊයේ (14) පෙරවරුවේ තෛපොංගල් උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

අර්බුද සමයේ තෙල් වලින් බිලියන 36ක ගැහිල්ලක්

Admin

රිලවුන් රට පටවන යෝජනාව යලි

Admin

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

colombotoday

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday