පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිද අශූචි කන්දක බැහැගෙන සිටින බවත්, අශූචි තැවරුණු ඔහු කිසිසේත්ම ආණ්ඩුවට නොගන්නා බවත් ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එස්.බී. දිසානායක මෙන් තමන් අශූචි අනුභව කිරීමට සූදානම් නැති බව විමල් වීරවංශ මහතා කළ ප්රකාශයකට ප්රතිචාර දක්වමිනි.
විමල් වීරවංශ මහතා ශ්රීලනිප නියෝජිතයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටින බවත්, ළගදීම ඔහු ආණ්ඩුවට එකතුවනු ඇති බවටත් එස්.බී. දිසානායක මහතා පුවත්පතකට කළ ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් විමල් වීරවංශ මහතා ප්රකාශ කර තිබුණේ එස්.බී. දිසානායක ඇමතිවරයා බඩගින්නට අශූචි කෑවට තමන් එසේ අශූචි කෑමට සූදානම් නැති බවයි.
[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1772758712784379/” width=”550″ height=”400″ onlyvideo=”1″]