Colombo Today Local NewsTop Stories

රජයේ ඉඩමක් බලෙන් අල්ලාගත් අයෙක්, පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි.. ගල්වෙඩි දමා පුපුරවාහරී

අම්පාර හා සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ එකිනෙක වෙන්වන මායිමේ පිහිටි වලතාපිටිය ගම්මානයට නුදුරෙන් රජයට අයත් භූමිභාගයක පිහිටි පුරාවිද්‍ය නටඹුන් සහිත භූමියක් ඩෝසර් කර විනාශ කර දමා තිබෙනවා.

පසුගිය දෙමසක කාලය පුරා බැකෝ යන්ත්‍ර යොදාගෙන කිසියම් පිරිසක් මෙම ඉඩමේ යම්කිසි ක්‍රියාකාරම් සිදුකර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් සමන්තුරේ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එනමුත් සමන්තුරේ පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළ බැවින් ප්‍රදේශවාසීන් විසින් අම්පාර ප්‍රදේශයභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරිමෙන් අනතුරුව අම්පාර පොලිස් ස්ථානයේ නිලදාරීන් පැමිණ අදාල ඉඩමේ කැණිම් සිදුකරමින් සිටි පිරිස ඉකුත් සෙනසුරාදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඉඩම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බවට වූ සාධක සැලකිල්ලට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට මාස හයකට පමණ පෙර සමන්තුරේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා. ඒ මෙම ඉඩම ආශ්‍රිතව යම්කිසි සංවර්ධන කටයුත්තක් කරන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස දන්වමින්.

මෙම ඉඩමේ යම්කිසි ක්‍රියාකාරකමක් සිදුකර තිබෙන්නේ එම දැනුම්දීමද ඉවත දමමින්. එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතියකින් තොරව එම ඉඩමේ තිබූ පුරාවිද්‍යා ශේෂයන් යැයි සැලකිය හැකි ගල් පතුරුද පුපුරණ ද්‍රව්‍ය යොදා පුපුරවා හැර තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර අම්පාර පොලිසිය භාරයේ සිටි අත්අඩංගුවට පත්වූ පිරිස, සමන්තුරේ පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ සිය භාරයට ගෙන ඇති අතර, පසුව ඔවුන් මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1948598145200434/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

colombotoday

Human Rights Watch රාජ්‍ය නොවන සංවිධානය ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගෙන ශ්‍රී ලංකා රජයට අවි අමෝරයි.

colombotoday

නාමල් කුමාරගේට එරෙහිව නියෝජ්‍ය ඇමතිගෙන් පැමිණිල්ලක්.. අත්අඩංගුවට ගන්න ඉල්ලයි..

colombotoday

අද සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් පියා ගිනි තියලා

colombotoday

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday