Colombo Today Local News

නුගේගොඩ “රෝයල් ඉන්ස්ටිටියුට්” ජාත්‍යන්තර පාසල නීතිවිරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

නුගේගොඩ පල්ලිය පාරේ පිහිටා තිබෙන රෝයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) ජාත්‍යන්තර පාසල සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනය නීතිවිරෝධී ආයතනයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) තීන්දු කරන ලදී. ඒ එම ආයතනය මාස 03ක් ඇතුලත එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස නියෝගයක්ද පනවමින්ය.

සිසිර ජේ ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටි.බි. දෙහිදෙණිය නම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදියි.

පල්ලිය පාරේ පිහිටා තිබෙන රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය නීතිවිරෝධී අයුරින් නුගේගොඩ මිශ්‍ර සංවර්ධන කළාපය තුල ගොඩනැගිලි ඉදිකිරිම සහ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් 16 දෙනෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදියි.

රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නීතිවිරෝධී ආකාරයෙන් ගොඩනැගිලි ඉදිකිරිම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් විසින් කෝට්ටේ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය ඇතුළු වගඋත්තරකරුවන් 18ක් මෙම මුලික පෙත්සමට අදාළව ලෙස නම් කර තිබුනා.

මේ වන විට රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නුගේගොඩ පල්ලිය පාරේ අංක 10 සහ 12 යන ස්ථානයේදී ඉදිකර ඇති සියළුම නීතිවිරෝධී ඉදිකිරීම් අද දින සිට මාස තුනක් ඇතුලත කඩා ඉවත් කරන ලෙසත් එම ස්ථානයේ ජාත්‍යන්තර පාසලක් හා අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාමට ලබාදී ඇති බලපත්‍රයද අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Related posts

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday

අස්ගිරි අනුනාහිමි හිට්ලර් ඉල්ලනවා… විජයකලා ප්‍රභාකරන් ඉල්ලනවා… දෙකම සමානයි – ඇමති රාජිත

colombotoday

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday

මහ මැතිවරණයට කලින් පොහොට්ටුව කරන්න යන වැඩේ

Admin

විමල් ගුවන්තොටුපොළේදී හරවා එවයි. පාස්පෝර්ට් අවුලක්, මාව අත්අඩංගුවට ගන්න හදනවා – විමල් කියයි.

colombotoday

“ඔබතුමත් හරියට හීන් බබා සීයා වගේනේ“ කියූ විමල්ට කථානායකගෙන් දැඩි අවවාද

colombotoday