Colombo Today Local News

ලෝකයේ මිලියන දෙක හමාරක් මුස්ලිම්. දිගටම ආදාහනය කලොත් රටට විනාශයක් | බදුර්දීන්ගෙන් තර්ජන.

විද්වත් කමිටු වාර්තාවට අනුව කොරෝනා මළසිරුරු ආදාහනය කිරීමට පියවර ගන්නා බව ඊයේ (7) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ පට්ටපල් බොරුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝකයේ රටවල් 190 ක් භූමිදානය කිරීමට ලබා දී ඇති බවත් මෙරට ජීවත්වන ලක්ෂ 20ක මුස්ලිම් ජනතාව රිදවීමට රජය ආදාහනය පමණක් සිදු කරන බවට බදුර්දීන් චෝදනා කර සිටියා.

ලෝකයේ මිලියන දෙක හමාරක් මුස්ලිම් ජනතාව ජීවත්වන බවත් ලෝකයේ මුස්ලිම් රටවල් 55 ක් තිබෙන බවත් ඒ සියල්ල තරහ කරගෙන දිගටම ආදාහනය කලොත් ඒක රටට කරන විනාශයක් බවත් හෙතෙම පැවසීය.

Related posts

කොවිඩ් එන්නත් ඉන්දියාවෙන් ලබා ගන්න ශ්‍රී ලංකාව උනන්දුවෙන්

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිට… සංවේදී සාක්ෂි සටහන් ඇති තවත් වෙළුම් 22ක් ලබා දී නෑ…

colombotoday

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

colombotoday

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

colombotoday

දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනී වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු, ඔබත් යාඥා කරන්න – TNA

colombotoday

රනිල්ගේ රැලි 30ක් කැන්සල්

Admin