Colombo Today Local News

වාතයෙන් බෝවන කොරෝනා වෛරස් ප්‍රභේදයක් අලුත් එකක් නොවෙයි. – රවී කුමුදේශ්

එංගලන්ත ප්‍රභේදය යනු අලුත් ප්‍රභේදයක් නොවන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විද්වත් සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටිනවා.

චීනයේ මුලින්ම ඇතිවූ ප්‍රභේදයට පසුව, ලොව පුරා වැඩිපුරම ව්‍යාප්තව ඇති කොරෝනා වෛරස් ප්‍රභේදය ලෙස සැලකෙන්නේ B 117 නැමති එංගලන්ත ප්‍රභේදය යි. එසේම ශ්‍රී ලංකාව තුල ද මීට පෙර සිදු කරනු ලැබූ සියලු ජාන අනුක්‍රමික විශ්ලේෂණ මගින් එංගලන්ත ප්‍රභේදය රට තුල පවතින බව තහවුරු වී ඇත. නමුත්, එකී විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගනිමින් රට තුළ විධිමත් ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් සිදු නොකිරීම හේතුවෙන්, අද වන විට එම ප්‍රභේදය රට පුරා විශාල ලෙස ව්‍යාප්තව තිබෙන බවත් ඒ මහතා පැවසීය.

“ඒ අනුව වාතයෙන් බෝවන නව ප්‍රභේදයක්, රට තුල තිබෙන බවට සිදු කරන ලද ප්‍රකාශ සත්‍යයෙන් තොර බවට තහවුරු වෙනවා. තවද ජයවර්ධනපුර රසායනාගාරය විසින් කුරුණෑගල, කොළඹ වැනි දිස්ත්‍රික් කිහිපයක් පමණක් පදනම් කර ගනිමින් තහවුරු කරණ ලද ඉහත අධ්‍යනය, අවසන් නිගමනයට ලක් කිරීමට පෙර දිවයින පුරා ආවරණය වන පරිදි විධිමත් ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂාවක් තවදුරටත් සැලසුම් කල යුතුයි.” යැයි කුමුදේශ් මහතා අවධාරණය කරන ලදි.

Related posts

ජාතියේ උරුමය රැක දිය හැකි නායකයෙකු ජනාධිපති ධූරයට පත්කරගන්න – එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin

දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්

colombotoday

රට දෙකට කඩා වෙනම පාර්ලිමේන්තුවක් සහිත, ප්‍රාන්ත රාජ්‍යයක් හදන්න උතුරෙන් සම්මත වූ යෝජනාව මෙන්න

colombotoday

බලු ප්‍රශ්නයක් ඝාතනයකින් කෙළවර වෙයි

colombotoday

එකම පවුලේ තිදෙනෙකුට කොරෝනා

colombotoday