Colombo Today Local News

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්‍රචාරක වැඩපිළිවෙළක් ලබන 17 වැනිදා සඳුදා අරඹන බව පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (13) පැවැසීය.

‘‘රට සුරකින ජන පවුර‘‘ සංවිධානයේ මෙහෙයවීමෙන් ඇරඹෙන මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ රට පුරා පෝස්ටර් ප්‍රදර්ශනයක් හා කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට පත්‍රිකා බෙදා හැරීමක් ඇතුළත් වන බවද උන්වහන්සේ කීහ.

‘‘රට සුරකින ජන පවුර‘‘ බහුජන සංවිධාන රැසකින් සමන්විත වූවකි.මේ වැඩපිළිවෙළ අදාළ සංදේශයකට තමන් වහන්සේද අත්සන් කළ බව රතන හිමයෝ කීහ.

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රටපුරා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.

Related posts

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Admin

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

ඩෙංගු රෝගීන් 80දහස ඉක්මයි.. මරණ 237ට නගී.. රාජිතගෙන් තවත් වාර්තාවක් !

colombotoday

උණුසුම පිළිබද නිවේදනයක්

Admin

ආණ්ඩුවේ සංස්කෘතික සංදර්ශනය වෙනුවට මහින්දගෙන් රණවිරු විජයග්‍රහණ සැමරුමක්

colombotoday

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday