Colombo Today Local News

හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් – රතන හිමි

හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් ඇති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

විවිධ චෝදනා මත හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස විවේචනය කරමින් උන් වහන්සේ මේබව කියා සිටියේ අද (මාර්තු 07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම අත්අඩංගුවට ගැනීම් ගැන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දැනුවත්වී නොමැති බවද රතන හිමියෝ පැවසුහ.

“ජනාධිපතිතුමයි, අගමැතිතුමයි නොදැනුවත්ව කවුද මේ රට මෙහෙය වන්නේ කියල රටේ ජනතාවට දැන් විශාල ප්‍රශ්නයක්” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළෝය.

හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ යම් වරදක් ඇත්නම් ඔවුන් ත්‍රිවිධ හමුදා පරීක්ෂණ මණ්ඩලයකට යොමුකිරිම සිදුකළ යුතු බව රතන හිමියෝ අවධාරණය කළහ.

මෙම අත්අඩංගුවට ගැනීම් පිටුපස යම් පිරිසක් ඇති බව රතන හිමියන් පැවසුවත් ඔවුන් කවුරුන්දැයි හෙළිකරන ලෙස මාධ්‍යවේදීන් ඉල්ලීමක් කළවිට උන්වහන්සේ කියා සිටියේ එය පසුව සිදුකරන බවය.

හමුදා බුද්ධි අංශ යොදා මාධ්‍යවේදීන්ට පහරදීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ දෙයක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්නකළ විට, ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම ගැන තමන් විරුද්ධ නොවන බව රතන හිමියෝ පැවසුහ.

Related posts

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

Admin

තව්හිද් ජමාත් සංවිධානයට සන්නද්ධ පුහුණුව ලබා දුන් ආමි මුහදීන් අත්අඩංගුවට.

colombotoday

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday

මහින්ද, ඔයාව වැලිකඩ ඇරලයි අපි නවත්තන්නේ – දඹර අමිල හිමි

colombotoday

වියදම කෝටි 175යි.. ඔස්ට්‍රේලියාවෙන් රෝගී කිරි හරක් තොගයක් ගෙන්වීමට සැරසේ… හරක් හොරකමේ තවත් කොනක් එළියට…

colombotoday

ජාතිවාදී ගිනි අවුලන විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

colombotoday