Colombo Today Local News

කීර්ති තෙන්නකෝන් ලිපිකරුට කෝටි ගණනක් වටිනා රාජගිරියේ නිවස ලැබුනේ කොහොමද?

කැෆේ කීර්ති නොහොත් රංජිත් කිර්ති තෙන්නකෝන් මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ නිරීක්ෂණය සඳහා යැයි පවසමින් එකල එක්සත් ජාතික පක්ෂයේ අනුග්‍රහයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් අටවාගත්තේ විශ්වවිද්‍යාලයක ලිපි කරුවකු ලෙස තමාට ලැබුණු වැටුප ප්‍රමාණවත් නොවන නිසා යැයි ඔහුගේ මිතුරන් වරක් ප්‍රකාශ කර තිබුණි. පසුව ඒ සඳහා යහමින් විදේශාධාරා ගාලා එන්නට පටන් ගත් අතර ඒ සඳහා පක්ෂග්‍රාහී ප්‍රකාශ ද ඔහුට නිකුත් කිරීමට සිදුවූ අතර එය ඉතා සාර්ථක ලෙස ඉටු කිරීමට ඔහු සමත් විය.

මෙහි රහ වැටුණු කැෆේ කිර්ති මෑතකදී දුෂණයට එරිහිව මර ලතෝනි දෙන්නට පටන් ගත්තේ මෙලොව සිටින නිර්දෝෂීම පුද්ගලයා තමන් යැයි නොකියා ප්‍රකාශ කරමිනි. කෙසේ වෙතත් ඔහුට අයත් රාජගිරියේ රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් නිවස ඔහුට ලැබුණු ආකාරය ඔහුත් නොදන්නා බව දැනගන්නට ඇත.

NGO සතුටු කර මුදල් ගැරීම සඳහා අනුන්ගේ කුණු සොයමින් ඇවිදින රන්ජිත් කිර්ති, ඊට පෙර තමාගේ “වත්කම් වාර්තා” ජනතාව හමුවේ තබා ඒවා උපයාගත් ආකාරය පෙන්වා නිර්දෝෂී වී එන ලෙස දන්වන්නට කැමැත්තෙමු.

සටහන: FB

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

අයවැය අස්සේ ජල ගාස්තුවත් 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනයත් එයි

colombotoday

රජයේ සයිබීරියාව අහෝසි කරයි

Admin

නාවලපිටියෙන් නාවික දුරදක්නයක්, කඩු, මන්න තොගයක් සොයාගනී…

colombotoday

අවසන් විධායක ජනාධිපති

Admin

කංජිපානිගේ ගෝලයෙක් අයිස් ග්‍රෑම් 7ක් සමඟ වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday