ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මේ රටේ රුපියල බාල්දු වුනේ මහබැංකුව මුදල් අච්චු ගහපු නිසා බවත් විදේශ විනිමය ලබාගැනීම සඳහා ඉන්දීය සංචාරකයින් මෙරටට ගෙන ඒමෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ බවත් වික්‍රමසිංහ මහතා ඊයේ (23) අන්තර්ජාලයට වීඩියෝවක් එක්කරමින් පැවසීය.
කොමිටිවලීම් මේ වැඩකටයුත්ත කරන්න බැරි බවත් කැබිනට් මණ්ඩලය හෑල්ලු නොකොට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය බලතල ගෙන වැඩ කිරීම කල යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.