Colombo Today Local News

රාමසාන් සඳ අද

කොළඹ මහ පල්ලිය නිවේදනය කරන්නේ නව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බවයි.

ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාසයේ යෙදුණු අතර එම කාලය පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වයි.

සමාව දීමට,ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට වෙන් වූ රාමසාන් මාසය අවසාන දිනය ලෙස රාමසාන් දිනය සැලකේ.

ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිව බව රාමසාන් දින පණිඩුයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියක බව ජනාධිපතිනරයා පෙන්වා දෙයි.

මේ අතර රාමසාන් උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවලක්ද ක්‍රියාත්මක කර තිබේ.

පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු 7,000කට වැඩි පිරිසක් මේ සඳහා යොදවා ඇති බව පොලීසිය පැවසුවේය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday

මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාවට බලය දෙයි

colombotoday

“පරණ ෆයිල් උඩට ගන්න” මහජන ආරක්ෂක ලේකම් කියයි

Admin

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

colombotoday