Colombo Today Local News

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කරති

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර පසුගිය 20 වනදා පැවැත්විණි.

එහිදී කාර්ය සාධක බලකාය වෙත මෙතෙක් ලැබී ඇති යෝජනා පිළිබඳව සභාපති හිමියන් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් දීර්ග ලෙස කරුණු දක්වන ලදි.

මෙම සාකච්ඡාව සඳහා එක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් විසින් ආදීවාසී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යෝජනාවලියක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගන්වන ලදි.

එක නීතියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැනට අර්බුදයන්ට මුහුණ දී ඇති ප්‍රජාව නියෝජනය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි නියෝජිතයන් විසින් කරුණු දැක්වීම ද එදින සිදුකෙරුණු අතර ඒ සඳහා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර යන මහත්වරුන් එක්විය.

Related posts

රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා දෙවැනි රැල්ල සඟවන්න.. තුන්වැනි රැල්ලත් එනවා

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගම රක්‍ෂණ සංස්ථාවේ සභාපතිට බාර දෙයි

colombotoday

වෛද්‍යවරු සයිටම් අවසන් සටනට සැරසෙයි !

colombotoday

පෙට්‍රල් හිගය තවත් උග්‍ර වෙයි.. අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඇමති කියයි

colombotoday

කප්පම් ගන්න ගිය ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඉන්දියාව සමඟ තෙල් නල එලන්න සාකච්ඡා කරනවා විතරයි

Admin