යාපනයේ සිට ගමන් අරඹන දුර ගමන් සහ කෙටි ගමන් සිදුකරන සියලුම පෞද්ගලික බස් රියදුරන් වර්ජනයට එක්වීමත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට පෞද්ගලික බස් රියදුරන් යාපනය ඩිපෝව ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක් ද ආරම්භ කර ඇති බවය.
වැඩිදුරත් තොරතුරු වාර්තා වූයේ ස්ථීර බස් නැවතුමක් ඉල්ලා සිටිමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන බවයි.