Colombo Today Local News

දූෂණ චෝදනා එල්ලවූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනපති කැන්සල් කරයි…

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරුද්ධ පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් 4 වැනි දාය.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී දිසානායක මහතා රුපියල් කෝටි දෙකක අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත්කරනු ලැබීය.

පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරිමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔහුගේ පත්වීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා 2015 ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීය.

අනතුරුව ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

Related posts

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

colombotoday

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

colombotoday

වැල්ලවත්ත ගොඩනැඟිල්ල කඩා වැටීම – 21ක් රෝහලට

colombotoday

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

Admin