පලස්තීන ඉස්ලාමීය දේශකයෙකු වන ෂෙයික් අලි අබු අහමඩ් පසුගිය දා ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ පැවති දේශනයකදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට දෙන පිළිතුර යුද්ධයෙන් පැරිසිය තලා දැමීම බව පවසා ඇති බව Jewish News Syndicate වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
ප්‍රංශ පාසැල් ගුරුවරයෙකු වන සැමුවෙල් පැටි ඔක්තෝබර් 16 වන දින බෙල්ල කපා මරා දැමීමෙන් පසු ඉස්ලාමයට සහ මුහම්මද් නබි තුමාට විරුද්ධව සිදුකල ප්‍රකාශයන් පිළිබඳව ප්‍රංශ නායකයාට එරෙහිව මුස්ලිම් රටවල අප්‍රසාධය එල්ල වෙමින් පවතී.
ඔක්තෝබර් 25 දින සිය කතාවේදී අබු අහමඩ් කියා සිටියේ ප්‍රංශයට “ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහිව නින්දා අපහාස කළ සියලු අවිශ්වාසකයන්ට යුද්ධයෙන් නිසි ප්‍රතිචාර දැක්විය යුතු බවයි.
ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම නිෂ්ඵල බව පවසා ඇති ඔහු මෙවැනි වර්ජන ස්වීඩනයට හා ඩෙන්මාර්කයට එරෙහිව අත්හදා බලා ඇති වැඩකට නැති ක්‍රියාවක් ලෙස හඳුන්වා ඇත.
“අල්ලාහ්ගේ සේවකයෙනි, එකම විසඳුම කලිෆය නැවත පැමිණීමයි, මුස්ලිම් කාලිෆ් මුස්ලිම් හමුදාවන්ට නායකත්වය දෙනු ඇත. ඔවුන් පැරිසිය මුළුමනින්ම තලා දමනු ඇත.” යනුවෙන් ඉතා දරුණු ප්‍රකාශයක් සිදුකර ඇත