Hot NewsWorld

ඉගි පෑම මුස්ලිම් ආගමට විරුද්ධයි – චිත්‍රපටිය තහනම් කරනු. නඩුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසිකර දමයි

චිත්‍රපට දර්ශනයක තිබූ ඉඟි පෑමේ දර්ශනයක් නිසා සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධිය පත් වූ රංගන ශිල්පිනියකට එරෙහිව මුස්ලිම් කණ්ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කර තිබේ. ශිල්පිනියගේ ඉඟි පෑම “ආගමට අවමන් කරන” බව සඳහන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.

මලයාලම් චිත්‍රපට ගීතයක ඉඟි පාන දර්ශනයක් නිසා ප්‍රියා ප්‍රකාශ් වරියර් (Priya Prakash Varrier) මෙම වසරේ ඉන්දියානු සමාජ ජාල තුළ මහත් ප්‍රසිද්ධියට පත් විය.

මුහම්මද් නබි නායකතුමාගේ බිරිඳ ගැන සඳහන් වන “පූජනීය ගීතයක්” චිත්‍රපටයකට යොදාගැනීම මෙන්ම මෙවැනි ඉඟි පෑම් ඉස්ලාම් ආගමට අවමන් කිරීමක් බව පැමිණිලිකරුවෝ පවසති.

මෙම නඩුවේ පැමිණිලිකරුවන් ගීතය “වැරදියට වටහා ගෙන” ඇති බව රංගන ශිල්පිනිය පැවසීය.

අදාළ ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන්න යැයි ඉල්ලීම් කරමින් මුස්ලිම් කණ්ඩායම ගොනු කළ නඩුව, පොලිසිය විසින් ලියාපදිංචි කරනු ලැබ ඇත. ප්‍රියා ප්‍රකාශ් මෙයට එරෙහිව ඉහළ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රියා ප්‍රකාශ්, චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ නිෂ්පාදකවරයා මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

“යම් පුද්ගලයෙකු චිත්‍රපටයක ගීතයක් ගයනවා. ඔබට වෙන වැඩක් නැති නිසා ගීතයට එරෙහිව නඩු පවරනවා” යැයි පවසමින් ඉන්දියානු අගවිනිසුරු දීපක් මිශ්රා අදාළ නඩුව නිශ්ප්‍රභ කළේය.

“පාසල් සිසුවියක් සහ සිසුවෙක් එකිනෙකාට සිනාසෙමින්, ඇස් බැමි නටවමින්, ඉඟි පාන අයුරු තත්පර තිහක දර්ශනවල අඩංගු වෙනවා,”පැමිණිලිකරුවෝ පවසති.

එවැනි ඉඟි පෑම් ඉස්ලාම් ආගමට පටහැණි බව පවසන ඔවුහු, මෙවැනි ක්‍රියාවක් “පූජනීය ගීතයකට” යොදා ගැනීම “ආගමට අවමන් කිරීමක්” ලෙසද පැවසූහ.

පෙබරවාරි මස එළිදැක්වූ මෙම ගීතය ඉතා ප්‍රසිද්ධියට පත් වූ අතර, ප්‍රියා ප්‍රකාශ් අන්තර්ජාලයේ වැඩිම වාර ගණනක් සෙවූ ඉන්දියානු පුද්ගලයන් අතරට එක් වුණි.

ඇයගේ ඉඟි පෑමේ දර්ශනය ඇතුළත් විශාල ‘මීම්ස් (memes)’ සමාජ මාධ්‍ය ජාල තුළ දැකගන්නට ලැබිණි. එමෙන්ම, සමහරු ඇය හැඳින්වූයේ ඉන්දියාවේ “ජාතික ලබැඳිය” ලෙසය.

යෞවන ප්‍රේමය තේමාව කරගත් ‘ඔරු අදාර් ලව් (Oru Adaar Love)’ නම් මලයාලම් භාෂා චිත්‍රපටයේ ප්‍රියා ප්‍රකාශ් රගන්නේ සිසුවියකගේ චරිතයකි.

නඩුව හේතුවෙන් නියමිත දිනයේදී චිත්‍රපටය එළි දැක්වීමට නොහැකි වූ නමුත්, තීන්දුව ලබා දීමත් සමග සැප්තැම්බර් මස දී චිත්‍රපටය එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

Related posts

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday

අවුන් සාන් සුකීට මෙවරත් මියන්මාරයේ ජනපති ධූරය අහිමි වෙයි

colombotoday

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

සම්බන්ධන් කඩා පැනීම ගැන පොලිස් පරීක්ෂණවලට සහය නොදෙන්නැයි හමුදා නිලධාරීන්ට ඉහළින් නියෝග !

colombotoday

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday