Colombo Today Local NewsTop Stories

රවීගේ දියණිය රහස් පොලීසියට කැඳවයි

රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමති රවී කරුණානායක ගේ දියණිය වන ඔනෙලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (2018 නොවැම්බර් 09) නියෝග නිකුත් කර තිබේ.

මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ට හිටපු ඇමැති රවි කරුණානායක සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායක ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබුණි.

ඒ අනුව පසුගිය පස්වනදා ප්‍රකාශයක් ලබාදීමට ඇය රහස් පොලිසිය වෙත ගිය බවත් ඇය සමඟ ඇගේ නීතිඥවරුන්ට රහස් පොලිස් කාර්යාලය තුළ යාමට අවසර නොදීම හේතුවෙන් තම සේවාදායිකාව ආපසු හැරී පැමිණි බව ද ඇයගේ නීතිඥවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිලි කර සිටියේය.

එවිට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එදින පෙරවරු 9.30 ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණෙන මෙන් ඔනෙලා කරුණානායක නමැත්තියට දැනුම් දී තිබුනු බවයි.

එහෙත් ඇය එදින පෙරවරු 9.08 ට රහස් පොලිස් කාර්යාලයට පැමිණ ආපසු හැරී ගොස් තිබූ නිසා ප්‍රකාශය සටන් කර ගැනීමට නොහැකි වූ බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔනෙලා කරුණානායක නමැත්තියට සියලු ලේඛන සමඟ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ නියෝගයක් නිකුත් කළේය.

Related posts

හිටපු ඇමති රාජිත සේනාරත්න අද යලිත් අධිකරණයට

colombotoday

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කෙක් පාර අහුරා පොලීසියට තග දමන හැටි මෙන්න (Video)

colombotoday

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත මහ වැසි

colombotoday

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

colombotoday