රාත්‍රි කාලයේ මාර්ගවල යතුරුපැදි තරංග පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් රථවාහන මුලස්ථානය දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (7) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා..
කිඹුලාවල හන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා මාර්ගයේ මෙලෙස තරඟයට දාවනය කල යතුරු පැදි 24ක් ඊයේ(6) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව සඳහන් කර සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යතුරු පැදි ධාවනය කරන්නන්ට මෙන්ම එම යතුරු පැදි හිමිකරුවන්ට විරුද්ධවද නඩු පවරන බව වැඩි දුරටත් සඳහන් කර සිටියා.