Colombo Today Local NewsTop Stories

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එලඹෙන ජූනි මස 27 වනදා කැඳවන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ අද (21) කැඳවනු ලැබූ අවස්ථාවේ නියෝග කෙරුණා.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ඇතැම් ලේඛන අද දින විවෘත අධිකරණයේ ලබාදෙන බව පැවසුවා.

සමහර ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂාවට ලක්කර ලබාදිය යුතු බවත් ඊට අමතරව විත්තිය ඉල්ලා සිටින තවත් ලේඛන සමහරක් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියා.

එම අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිල්ල විසින් සියලු ලේඛන ලබාදීමෙන් අනතුරුව විත්තියේ ස්ථාවරය අධිකරණයට දැනුම්දෙන බවයි.

ඒ අනුව නඩුව නැවත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වන දා කැඳවන ලෙස නියම කෙරුණා.

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Related posts

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

colombotoday

වෙළෙන්දන් බිත්තර අළෙවි නොකරයි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි..

colombotoday

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

colombotoday

අසාත්මිකතාවක් ඇති වූ පාසල් සිසුවිය ඇඳ වැටි මිය යයි

Admin