Colombo Today Local News

සියලුම මුස්ලිම් පල්ලි රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතුයි. | වකූෆ් සභාවෙන් නියෝග.

මේ වන විට රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාමසාන් උත්සව දිනයේ දී රාමසාන් යාච්ඤා නොපැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා වකූෆ් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම සෞඛ්‍ය මඟපෙන්වීම් සැලකිල්ලට ගෙන ආගමික සිද්ධස්ථානවල සාමුහික ක්‍රියාකාරකම් වළක්වාලීමට තීරණය කර ඇත.

ඒ අනුව සියලුම මුස්ලිම් පල්ලි රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතුයි.

එමෙන්ම රාමසාන් උත්සව දිනයේ සංචරණය සීමා කරමින් නිවසේ සිට පවුලේ අය සමග යාච්ඤා කර ඊදුල් ෆිතර් උත්සවය සමරන ලෙස සියලුම මුස්ලිම්වරුන්ට දන්වා තිබේ.

Related posts

උපාධි පාඨමාලා සඳහා රජයෙන් පොලී රහිත ණයක්

colombotoday

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

පාස්පෝට් ලබාදීම අභියෝගයක් වෙලා

Admin

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

colombotoday

මෙවර යල කන්නයේදී 80% ඉක්ම වූ වගා ඉලක්කයක්

colombotoday

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday