Colombo Today Local News

හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ඉකුත් රජය සමයේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු හෙට (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙහි පළමුවන සැකකාර හිටපු මන්ත්‍රීවරයා සතොස ආයතනය සඳහා කල් බදු පදනම යටතේ ලබාගත් වාහන තුනක් අවභාවිතයට ලක්කර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇති බව පැවසීය.

ඒ අනුව, එක් වාහනයක් සඳහා රුපියල් 195,000ක මුදලක් මාසිකව කල්බදු වශයෙන් ගෙවා තිබෙන බවත් මෙම සැකකරු විසින් වාහන තුනක් නීතිවිරෝධී ලෙස භාවිත කිරීම තුළින් රුපියල් ලක්ෂ 12 හා පමණ මුදලක් අවභාවිත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් දෙදෙනා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළාය.

හෙට දින මොවුන් කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඇය නියම කළාය.

Related posts

නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

colombotoday

කප්පම් නොදුන් ව්‍යාපාරිකයාට පහරදුන් පාතාලයේ චමීගේ ගෝලයෝ අත්අඩංගුවට

colombotoday

උඩරට මැණිකේ පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක්

Admin

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday

අද දුම්රිය 22 ක් අවලංගුයි

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin