Colombo Today Local News

කප්පම් නොදුන් ව්‍යාපාරිකයාට පහරදුන් පාතාලයේ චමීගේ ගෝලයෝ අත්අඩංගුවට

හංවැල්ල ඇඹුල්ගම ප්‍රධාන පෙලේ ටයිල් සමාගමක් ආසන්නයේදී කප්පන් නොදීමේ සිද්ධියක් මුල් කරගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකුට තියුණු ආයුධවලින් පහරදුන් පාතාල සාමාජිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරුවන් ප්‍රහාරයට යොදාගත් තියුණු ආයුධ හතර, ප්‍රහාරය සඳහා පැමිණි තිරෝද රථය සහ යතුරුපැදිය මෙන්ම ඔහුන් සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 5 ක් මෙන්ම අත් බෝම්බයක් මෙන්ම ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී වීඩියෝ දර්ශනය කළ ජංගම දුරකථනයද පොලිස් බාරයට ගෙන ඇත.

මිය ගිය පාතාල නායකයන් වන සමයන් සහ ඌරු ජුවා නැමැති පුද්ගලයන්ගේ ගෝලයෙකු සිට අපරාධ රැසක් සිදු කර අධිකරණය මගින් ඇප ලබා දීමෙන් අනතුරුව ඩුබායි රටට පලාගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් චමි පුද්ගලයා විසින් බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයාගෙන් කප්පම් වශයෙන් ඉල්ලන ලද රුපියල් ලක්ෂ 50 මුදල ලබානොදීම සම්බන්ධයෙන් උරණව මෙරට සිටින ඔහුගේ ගෝලයින් ලවා ඉකුත් මස 29 වැනි දින මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පහරකෑ එම ව්‍යාපාරිකයා ප්‍රධාන පෙළේ ටයිල් සමාගමට ශ්‍රමිකයන් සපයන ව්‍යාපාරයක් සිදු කරන අතර එම ව්‍යාපාරය බාධාවකින් තොරව කරගැනීමට රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් සහ සෑම මසකම රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දෙන ලෙස ඩුබායි රටට පලාගොස් සැඟව සිටින අපරාධ කල්ලි සාමාජිකයා විසින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ව්‍යාපාරිකයාගෙන් ඊට දින කීපයකට පෙර ඉල්ලා තිබූ බවත් ඊට ප්‍රතිචාර නොදැක්වූ හෙයින් මෙම අපරාධය සිදු කර තිබූ බව පොලිසිය කියයි.

එම අපරාධය සිදු කිරීම සඳහා මීට පෙර දින දැඩිගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී කොල්ල කන ලද යතුරුපැදියකින් පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඇති අතර ව්‍යාපාරිකයා ගමන් ගත් වෑන් රථයට මඟ හරස් කර ඔවුන් තිදෙනා තියුණු ආයුධයෙන් ව්‍යාපාරිකයාට පහර දෙද්දී අනෙක් පුද්ගලයා ත්‍රීරෝද රථයක සිට එය ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කර එම දර්ශන ඩුබායි සැඟව සිටින අපරාධ කල්ලි සාමාජිකයා චමී නැමැත්තා වෙත යවා ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සිදුකළ පහරදීමෙන් බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයා ව අතුරුගිරිය රෝහල කරා ගෙන ගොස් ඇත්තේ තී රෝද රථයේ සිට ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කළ පුද්ගලයා බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩගම හබරකඩ සහ කළුතර බෝඹුවල ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර සහ හෝමාගම අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

රියාජ් බදියුදීන්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වේ

colombotoday

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

colombotoday

කොරෝනා නීති නොතකා යාපනයේ පූජාවන් පැවැත්වූ කෝවිල් 2ක් සීල් තියයි | දෙවියන් පුදන්න දහස් ගණනක් ගගේ ගිලී නාලා

colombotoday

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

colombotoday

‘මගේ ජාතිය වෙනුවෙන් මා යුතුකම ඉටුකළා‘ – නවසීලන්ත මුස්ලිම් පල්ලියේ වෙඩි තැබූ ප්‍රහාරකයාගෙන් පිටු 74ක ලිපියක්…

colombotoday