Colombo Today Local News

කොරෝනා මෘතදේහ භූමිදානය ගැන කැබිනට් එක තීන්දුවක් ගත්තේ නෑ. | අනවශ්‍ය ආන්දෝලන ඇති කලේ අධිකරණ ඇමති අලි සබ්‍රි

කොරෝනා මෘතදේහ භූමිදානය ගැන කැබිනට් එක තීන්දුවක් නොගත් බවත් අනවශ්‍ය ආන්දෝලනයක් ඇති කලේ අධිකරණ ඇමති අලි සබ්‍රිගේ Facebook සටහනක් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (12) සඳහන් කර සිටියා.

මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ අදහස් දැක්වූ අදහස්….

“කොරෝනා හැදිච්ච මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීම ගැන තීන්දු ගත්තේ කැබිනට් මණ්ඩලය නොවෙයි. ඒ තීන්දුව ගත්තේ මේ රටේ සෞඛ්‍ය අංශයේ ඉන්න විශේෂඥ කණ්ඩායමකගේ අවබෝධය ඇතුව. එතකොට ඒ විශේෂඥ කමිටුව තමයි ඒ තීරණය නැවත සලකා බලනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන.”

“අමාත්‍ය මණ්ඩලය තුල මේ පිළිබඳව සාකච්ඡාවක් සිද්ධ උනා. නමුත් කිසිම තීන්දුවක් ගත්තේ නෑ. දැනට අරන් තියෙන තීරණය වෙනස් කරන්න තීරණයක් ගත්තේ නෑ. ඉතින් අවාසනාවට අධිකරණ ඇමති තුමා තමාගේ සමාජ මාධ්‍ය මගින් එවැනි තීරණයක් ගත් බවට ඇඟවෙන විදිහේ සටහනක් තබලා තිබුනා. ඒක නිසයි මේ අනවශ්‍ය ආන්දෝලනයක් ඇති වුනේ.”

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර

colombotoday

කපුටු ආරක්ෂක ඩීල් සජිත්ගේ මගෝඩි වැඩ පාලිත හෙළි කරයි.

colombotoday

“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday