Colombo Today Local News

MCC සමාලෝචන වාර්තාව පිළිබදව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාව දැනුවත් කරයි

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඊයේ (29)දින දුරකථන සංවාදයක නිරත වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංවාදයේදී පසුගිය දා ප්‍රකාශයට පත් කළ MCC සමාලෝචන වාර්තාව ගැන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය ලේකම්වරයාව දැනුවත් කර තිබේ.

එසේම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ද ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්වෛරීභාවය උදෙසා තවදුරටත් කැපවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා එහිදී පවසා තිබේ.

මෙරට ජනතාව සමග පවතින අමෙරිකානු සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගතයට එරෙහිව සටන් කිරීම දෙරටේම පොදු අවශ්‍යතාවක් බව සඳහන් කර ඇති මයික් පොම්පියෝ මහතා මෙරට ආර්ථික ස්ථාවරභාවය සහ තිරසර සංවර්ධනය සඳහා කැපවන බව ද යළිත් ප්‍රකාශ කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද දෙපාර්ශවය මෙහිදී සාකච්ඡා කර තිබේ.

මේ වන විටත් අමෙරිකානු ඩොලර් මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ කොවිඩ් නයින්ටීන් මර්දන කටයුතු සඳහා අමෙරිකාව විසින් ලබා දී ඇති බව සඳහන්ය.

මීට අමතරව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්, මානව හිමිකම් මෙන්ම ජනතාවගේ දිගුකාලීන ස්ථාවරභාවය සහ විනිවිදභාවයේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඇමැතිකමෙන් රන්ජන් දොට්ට! – පෙර පරිදිම හැසිරුණොත් පක්‍ෂ සාමාජිකත්වයෙනුත් ඉවතට

colombotoday

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

Admin

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

colombotoday

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday

රතන හිමි ඉල්ලුවේ මාස 3යි. මාස 6ක් දුන්නා. ඉල්ලා අස් වීමෙන් පසු ඥානසාර හිමිව මන්ත්‍රී ධූරයට පත් කරනවා – අපේ ජනබල පක්ෂය

colombotoday