Colombo Today Local News

මාතර ප්‍රසිද්ධ පාසලකට දරුවන් ඇතුලත්කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මහ රාත්‍රියේ තියයි.

දරුවෙක් මෙලොවට බිහි කිරීමට මවක් විදිනා දුක වේදනාව මේ ලෝකයේ වෙනයම් කිසිදු වේදනාවකට සම කල නොහැක.නමුත් එවන් දුකක් වේදනාවක් විද දරුවා මෙලොවට බිහි කල පසුත් තම දරුවන් උස් මහත්වන තුරු හදා වඩා ගැනීම එතරම් පහසු කරුණක් නොවේ.

අද රටේ ලෝකයේ පවතින ආර්ථික අපහසුතා ප්‍රශ්න මැද දරුවෙක් උස් මහත් කර නිසි අධ්‍යාපනයක් ලබා දී රටේ යහපත් පුරවැසියෙක් කිරීමට දෙමාපියන් විදින දුක වේදනාව මහන්සිය සුලු පටු නොවේ.

ජනතාවට පනවා ඇති අනවශ්‍ය බැරියර් ඉවත් කල යුතු බව පාලකයන් පැවැසුවත් තවදුරටත් ජනතාවට එරෙහි බැරියර් වල අඩුවක් නැත. මේ රටේ යම් කාර්යයක් සිදු කර ගැනීමට නම් මේ රටේ ජනතාවට විශාල බාධක බැරියර් රැසකට මුහුණ දීමට සිදු වී ඇත.

තවද නිදහස් අධ්‍යාපනයක් මේ රට තුල ඇතැයි අපි මහා පුරසාරම් දෙඩුවත් තව දුරටත් එය වලංගු දැයි අප ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් ඇත. හදා වඩා ගත් දරුවා පාසලකට ඇතුලත් කර නිසි අධ්‍යාපනයක් ලබා දීම,රටේ යහපත් පුරවැසියෙක් කිරීම ඕනෑම දෙමාපියෙකුගේ සිහිනයකි.
එවන් තත්වයක් තුල තමාගේ දරුවා රජයේ පාසලක පලමු වසරට ඇතුලත් කිරීමට විශාල වෙහෙසක් මහන්සියක් දැරීමට විදීමට මෙරට දෙමාපියන් හට සිදු වී ඇත.

අද වන විට දරුවෙක් පාසලකට ඇතුලත් කර ගැනීමේ දී නොවිමසන්නේ මව ගැබ් ගත් දිනය පමණයි.ඒ හැර තම සියලු පැටිකිරිය පැවැසීමට සිදු වී ඇත.

ලබන වසර සදහා පාසල් වල පලමු වසරට දරුවන් ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ වී ඇත.
එවන් තත්වයක් තුල තම දරුවන් පාසලේ පලමු වරසට ඇතුලත් කර ගැනීම සදහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකට පැමිණි දෙමාපියන් හා දරුවන් පිරිසකට මුහුණ දීමට සිදු වූ අපහසුතාවයක් පිලිබද තොරතුරක් මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලකින් වාර්තාවෙයි.

වාර්තාවෙන අන්දමට සිදු වීම මෙසේයි. අදාල සිදු වීම සිදු වූ මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලේ පලමු වසරට සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඉකුත් දා සිට ආරම්භ වී තිබිණි.ඒ අනුව එම සම්මුඛ පරීක්ෂණ සදහා තම දරුවා සමග අයැදුම්කරු පමණක් පැමිණෙන ලෙස දන්වා ලිඛිත ලිපියක් නිවෙස් වෙත එවා තිබිණි. එම ලිපියේ සදහන් කර තිබූ වේලාවට පැමිණෙන ලෙසත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර තිබිණි. ඒ අනුව එදින දහවල් කාලයේ සිට දෙමාපියන් තම දරුවා සමගින් සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණ තිබේ. දහවල් 2 ට සහ 3 ට සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණෙන ලෙස දන්වා තිබූ දෙමාපියන් හා දරුවන් නිසි වේලාවට පාසලට පැමිණ තිබුනත් ඔවුන් හට සම්මුඛ පරීක්ෂණ සිදු කර තිබුනේ රාත්‍රී 07 ත් පසු වීය. සම්මුඛ පරීක්ෂණයේ ප්‍රමාදය නිසා පැය 4 කට වැඩි කාලයක් රස්තියාදු වීමට දෙමාපියන්ට හා කුඩා දරුවන්ට සිදු වී තිබිණි. ඒ අනුව දරුවන් හා දෙමාපියන් පිරිසක් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට ඝණ අදුරේ රැදී සිටින සහ පසුව විදුලි බුබුල් සවි කරන දර්ශන පෙලක් නිකුත් වී ඇත. එම දර්ශන පෙලත් සමග මෙම කාරණය පිලිබද සහ පලමු වසරට දරුවන් ඇතුලත් කිරීමට දෙමාපියන් කෙතරම් දුකක් මහන්සියක් විදිනවාදැයි සමාජයේ දැඩි කතාබහකට ලක් වී ඇත.

මෙම කාරණය මතු කිරීම හරහා මෙම පාසලට වරදක් ප්‍රකාශ කිරීම හෝ අදාල පාසලේ විදුහල්පති ඇතුලු ගුරුවරුන්ට වරදක් ප්‍රකාශ කිරීම කර්තෘ ගේ අවශ්‍යතාවය නොවන අතර සමාජයේ ජනතාව මුහුණ දෙන පොදු ගැටලුවක් හා පොදු අපහසුතාවයක් පිලිබදව බලධාරීන්ගේ අවධානය යොමු කිරීම කර්තෘ ගේ බලාපොරොත්තුවයි.

Related posts

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

වතු අධිකාරීවරයෙකුගේ නිවසක් ගිනිතබන ලෙස එස්.බී කියලා

Admin

මුස්ලිම් දේශපාලකයන් සහ පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍ය හමු පැවැත්වූ රිෂාම් අරූස්ට මුස්ලිම් පල්ලියකින් ප්‍රහාරයක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

හෝමාගම පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73ක් නිරෝධායනයට

colombotoday

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday