Colombo Today Local News

මාතලේ කොරොනා රොගින් දහසකට ප්‍රථිකාර ලබාදිමට සුදුසු මධ්‍යස්ථාන හමුදාව සාදා අවසන්.

ශ්‍රි ලංකා යුධ හමුදාව ශ්‍රම දායකත්වයෙන්මා තලේ දිස්ත්‍රික්කයේ කොවිඩි ප්‍රතීකාර මධ්‍යෂ්ථාන සියල්ල සකස්කොට කොරොනා ප්‍රථිකාර සදහා ලබාදෙයි. එහි අවසාන ප්‍රථිකාර මධ්‍යෂ්ථානය ලෙසින් ඉනාමළුව යොවුන් සේනාංක පුහුණු මධ්‍යෂ්ථාන ප්‍රථිකාර ඒකකයෙහි වැඩ නිමවා පසුගිය සදුදා (24) දිනයේදි භාර දෙන ලදි.

මාතලේ දිස්ත්‍රික් කොවිඩි කමිටු ප්‍රධානි ශ්‍රි ලංකා යුධහමුදාවේ 53 වැනි සේනාංකයේ සෙනාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා විසින් මාතලේ සහකාර දිස්ත්‍රික් ලේකම් තුමා වෙතබාරදීමෙන් අනතුරුව ඒ මොහෝතේදීම දඹුල්ල රොහල් අධ්‍යක්ෂවරයා වෙත භාර දෙන ලදි.

ජනපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය පරිධි යුධහමුදාපති, කොවිඩි මර්ධන කමිටු ප්‍රධානි ජෙනරාල් ෂවෙන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොවිඩි මර්ධන කමිටුව මගින් මාතලේ දිස්ත්‍රික්කයේ කොරොනා ප්‍රථිකර මධ්‍යෂ්ථන සියල්ල සුදානම් කර ඇත.
ඒ අනුව,

  • මාතලේ කාර්මික විද්‍යාලය 240
  • දඹුල්ල කාර්මික විද්‍යාලය තුල අදන් 220ක්ද
  • අඹන රොහල තුල ඇදන් 125 කින් යුත්ත නවතම කොරෙනා අතරමරදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක්
  • දඹුල්ල ඉනාමළුව යොවුන් සේනාංක හොටෙල් පුහුණු පාසලේ ඇදන් 150
  • දඹුල්ල රෝහල, ගලේවෙල ග්‍රාමිය රෝහල, නාවුල ග්‍රාමිය රෝහල හා ලග්ගල කොරොනා රෝහල තුල කොරොනා වාට්ටු ඇදන් ධාරිතාව වැඩි කිරීම

කොරොනා රොගින් 1000 කට පමණ සියලු පහසුකම් සහිතව ප්‍රථිකාර ලබාදිමට සුදුසු තත්වයේ රොහල් හා ප්‍රථිකාර මධ්‍යස්ථාන කඩිනමින් ඉදිකිරිමට හැකිවු බව මාතලේ දිස්ත්‍රික් කොවිඩි කමිටු ප්‍රධානි මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසිය.

මෙම යොවුන් සේනාංක හොටෙල් පුහුණු මධ්‍යෂ්ථානය මාතලේ දිස්ත්‍රික් කොවිඩි කමිටුවේ ඉල්ලිමක් මත තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් මාතලේ දිස්ත්‍රික් කොවිඩි වර්ධන කමිටුවට ලබාදිමෙන් පසු යුධ හමුදාව සිය ශ්‍රමය යොදවා වෛද්‍ය හා රොහල් අවශ්‍යතා අනුව අංගසම්පුර්ණ ප්‍රථිකාර ඒකකයක් ලෙසින් දින කිපයකින් සකස්කරණ ලදි .

මෙම අවස්ථාවට මාතලේ කොවිඩි කමිටුවේ නියෝජිතයින් වන මාතලේ අතිරේක දිස්‍ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා ඇතුලු නිලධාරින් පිරිසක් හා මාතලේ වසංගත රොග අංශයේ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරින්ද දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බැකඩුව රොහලේ කාර්ය මංඩලයේ පිරිසක්ද සම්බන්ධ විය.

මහින්ද උදයසිරි දඹුල්ල

Related posts

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday

මඩින් එපා ගොඩින් එනු ! මට බැරි වු දේ පුතා කරයි – ඇමති රාජිත

colombotoday

මහ බැංකු අධිපති නිකුත් කල අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනය

colombotoday

ස්විස් රජයෙන් ඩොලර් මිලියන 4ක වෛද්‍යාධාර මෙරටට

colombotoday

සමයංගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

දේශපාලකයින් රහසේ යන එන, අනාවැකි කියන අනුරාධපුරේ මැණීයන්ගේ දේවාලය ගිනි තබයි…

colombotoday